Cricket NewsEXCLUSIVE

ශ්‍රී ලංකාව සහභාගි වන තීරණාත්මක ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරඟාවලියේ නිළ දේශීය විකාශන අයිතිය සිරස නාළිකාව හිමිකර ගනී.!

සිම්බාබ්වේ හිදී ආරම්භ වීමට ලෝක කුසලාන සුදුසුකම් ලබාගැනීමේ තරඟාවලිය නිල දේශීය විකාශන අයිතිය සිරස මාධ්‍ය ජාලය විසින් හිමිකරගෙන තිබේ.කෙසේ නමුත් නිල දේශීය විකාශන අයිතිය තමන් සතුකරගත් බව සිරස මාධ්‍ය ජාලය නිවේදන කිරීමෙන් අනතුරුව ලැබුණු ප්‍රේක්ෂක ඉල්ලීම් වලට අනුව සිරස මාධ්‍ය ජාලය තරඟාවලිය නාලිකා ද්විතවයක් ඔස්සේ විකාශ කිරීමට නියමිතව තිබේ.

තරඟාවලිය TV1 නාලිකාව ඔස්සේ විකාශය කිරීමට සැලසුම් කර තිබූ නමුත් එහි ආවරණය ප්‍රදේශ කිහිපයක් දක්වා සීමිතව තිබීම හේතුවෙන් ඔවුන් TV1 හා සිරස TV ඔස්සේ තරඟාවලියේ විකාශන කටයුතු සිදු කිරීමට නියමිතය.

තරඟාවලිය මේ මස 18 වැනිදා ආරම්භ වීමට නියමිතය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
8
+1
5
+1
7
+1
14
+1
2
+1
6
+1
4

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button