Cricket NewsEXCLUSIVEUnder-19

ශ්‍රී ලංකාවෙන් බිහි වූ සුපිරි ක්‍රිකට් ක්‍රිඩක නුවන් කුලසේකරව 19න් පහළ යොවුන් ශ්‍රී ලංකා කණ්ඩායමේ වේග පන්දු පුහුණුකරු ලෙස පත් කරයි.!

ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසයේ බිහිවූ විශිෂ්ටතම වේග පන්දු යවන්නකු වන නුවන් කුලසේකරට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් විශේෂ භාරදූර කාරයයක් පවරා තිබෙනවා.

ඒ ශ්‍රී ලංකා වයස අවුරුදු 19 න් පහළ ක්‍රිකට් කණ්ඩායමේ වේග පන්දු ‍පුහුණුකාර ධුරයයි.

මීට පෙර නුවන් කුලසේකර කොළඹ කෝල්ට්ස් ක්‍රීඩා සමාජයේ පුහුණුකරු ලෙස ද කටයුතු කර තිබෙන අතර වේගපන්දු විශේෂඥයකු ලෙසයි නුවන් කුලසේකරව සැලකෙන්නේ.

ඊට හොඳම උදාහරණය ලෙස 2014 ලෝක කුසලානයේ අවසන් මහා තරඟයේදී ලසිත් මාලිංග සමග එක් වී ඉන්දිය පිතිකරුවන් සම්පුර්ණයෙන්ම අඩපණ කිරීම දැක්විය හැකිය.

ලෝක ප්‍රකට සුපිරි ශ්‍රී ලංකා ක්‍රිකට් තරුවක් වන කුමාර් සංගක්කාර එම අවසන් මහා තරඟයෙන් පසුව ප්‍රකාශ කර සි⁣ටියේ තම ජීවිත කාලය තුල දුටු හොඳම පන්දු යැවීම එය බවයි.

කලක් ලොව අංක 1 එක්දින පන්දු ‍යවන්නා බවට පත් වී වසරකට ආසන්න කාලයක් ශ්‍රේණිගත කිරීමේ ප්‍රතම ස්ථානයේ රැඳී සිටි නුවන් කුලසේකර ශ්‍රී ලංකාව ටෙස්ට් තරග 21 ක් එක්දින තරග 184 ක් හා T20 තරග 58 ක් නියෝජනය කර තිබෙන අතර නුවන් කුලසේකර යනු වචනයේ පරාසමාප්තයෙන්ම තරඟ දිනවන්නෙකි.

ශ්‍රී ලංකා 19න් පහල යොවුන් කණ්ඩායමට මෙම සුපිරි තරුව පුහුණුකරුවකු ලෙස එක් කිරීම ක්‍රිකට් ආයතනය ගත් වටිනා තීරණයකි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7