Cricket NewsEXCLUSIVEILT20

Desert Vipers කණ්ඩායමේ ජයග්‍රාහී තුරුම්පුව, වනිඳු හසරංගගේ සුපිරි තුන් ඉරියව් දස්කම් හේතුවෙන් Desert Vipers අවසන් මහා තරඟයට.!

ලොව ප්‍රබල ක්‍රිකට් තරු පිරිවරා එක්සත් අරාබි එමීර් රාජ්යේදී පළමු වරට පැවැත්වෙන “International T20 League” (UAE ILT20 2023) තරඟාවලියේ මුලික වටයේ තරඟ ඊයේ දිනයෙන් අවසන් වූ අතර තරඟාවලියේ PLAY-OFF තරඟ වටය ආරම්භ කරමින් Gulf Giants කණ්ඩායම සහ Desert Vipers කණ්ඩායම අතර පැවති තරඟයෙන් විශිෂ්ට ජයග්‍රහනයක් වාර්තා

තරඟාවලියේ ක්‍රීඩා කල සෑම තරඟයකම සිය උපරිමය Desert Vipers කණ්ඩායම වත ලබා දුන් ශ්‍රී ලංකා සුපිරි දඟ පාදනු යවන ක්‍රීඩක වනිඳු හසරංග මෙම තීරණාත්මක තරඟයේදීත් පන්දුවෙන් මෙන්ම පිත්තෙන්ද සුපිරි දස්කම් දැක්වීමට සමත් වුනා.

පන්දුවට පහර දීමේදී Desert Vipers කණ්ඩායමේ අංක 5 ක්‍රීඩකයා ලෙස පිටියට පිවිසි වනිඳු පන්දු 20ක් තුල වේගවත් ලකුණු 31ක් රැස් කිරීමට සමත් වුනේ දැවැන්ත හයේ පහරක් සහ හතරේ පහර 4ක් එල්ල කරමිනි.

පන්දුවෙන්ද සිය වගකීම අකුරටම ඉටු කල වනිඳු හසරංග ප්‍රතිවාදී කඩුලු 3ක් බිඳ හෙලීමට සමත් වුනා. වනිඳු හමුවේ දැවී ගියේ පිලිවෙලින් ආරම්භක පිතිකරු Chris Lynn, අංක 3 පිතිකරු Colin de Grandhomme සහ අංක 5 පිතිකරු David Wieseය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7