Cricket NewsEXCLUSIVE

සිම්බාබ්වේ තරඟාවලිය සඳහා ක්‍රීඩා අමාත්‍යවරයාගේ අනුමැතිය සඳහා යොමු කල සංචිතයෙන් වනිඳු හසරංග ඉවතට.!

පසුගිය දෙසැම්බර් මාසයේ ශ්‍රී ලංකා සීමිත පන්දුවාර කණ්ඩායම් හි නායකත්වය දරන දසුන් ශානක කොරෝනා ආසාදනය වීමෙන් පසුව සිම්බාබ්වේ තරඟාවලිය සඳහා තෝරා ගැනීම යම් සැකයකට තුඩු දුන් නමුත් ඔහු වෛරසයෙන් සුවය ලැබීමෙන් පසුව ක්‍රීඩා කිරීමට සුදුසු බව ප්‍රකාශ කර ඇති අතර ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙයවීමේ වගකීමද දසුන් ශානක හට හිමිව ඇත.

මීට පෙර මෙම තරඟාවලිය සඳහා ශරීර යෝග්‍යතාව සැක සහිත මට්ටමක තිබුණු තවත් ශ්‍රී ලංකා ක්‍රීඩකයින් දෙදෙනකු වූයේ කුසල් පෙරේරා සහ වනිඳු හසරංග ය.

කුසල් පෙරේරා ක්‍රීඩකයින් 20 දෙනෙකුගෙන් යුත් සංචිතයට තෝරාගෙන ඇති අතර, වනිඳු හසරංග තරඟාවලියෙන් ඉවත් කරන්න ශ්‍රී ලංකා තේරීම් කමිටුව තීරණය කර තිබෙනවා.

කුසල් පෙරේරා දිගු කලක සිට උරහිසේ ආබාධයකින් සුවය ලබමින් සිටින අතර මෙවර LPL අවසන් තරගයේදී ඇති වූ මස්පිඬු ආබාධයෙන් තවමත් වනිඳු හසරංග සම්පූර්ණයෙන් සුවය ලබා නැති වීම ඊට හේතුව බවද සඳහන්‍ ය.

මෙම සංචිතය ක්‍රීඩා අමාත්‍යවරයාගේ අනුමැතිය සඳහා යවා ඇති අතර ඒ පිලිබඳ නිවේදනය අද හෝ හෙට නිකුත් කිරීමට නියමිතය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7