Cricket NewsCricket World CupEXCLUSIVEUnder-19

ශ්‍රි ලංකා යෞවනයෝ කොදෙව් යෞවනයන් හමුවේ පරාජයට පත්වේ.

අවුරුදු 19න් පහළ ලෝක කුසලාන තරගාවලියේ සුපිරි හය වටයේ ශ්‍රී ලංකා පිල ඊයේ සහභාගි වූ පළමු තරගයේදී තියුණු සටනකින් පසු බටහිර ඉන්දීය කොදෙව් පිල හමුවේ කඩුලු 3කින් පරාජයට පත්විය. දකුණු අප්‍රිකාවේ කිම්බර්ලි නුවර පැවැති මේ තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා යොවුන් පිල ඕවර 50 අවසානයේ සියලු දෙනා දැවී රැස් කළ ලකුණු 231 හඹා ගිය කොදෙව් පිල පන්දු 3ක් ඉතිරිව තිබියදී තරගය ජයගත්තේ කඩුලු 7ක් වැය කරමිනි.

කොදෙව් පිලේ ආරම්භ පිතිකරු ස්ටීව් වෙඩර්බර්න් ලකුණු 61ක් රැස් කළ අතර, වෙඩර්බර්න් සහ ජෝර්ඩන් ජොන්සන් අතර තුන්වැනි කඩුල්ලට ලකුණු 86ක සම්බන්ධතාවක් ගොඩනැඟිණි. කෙසේ වෙතත් අවසන් මොහොතේ අගපෙළ පිතිකරු නේදන් සීලි නොදැවී ලකුණු 28ක් රැස් කරමින් කොදෙව් පිල ජයග්‍රහණය කරා රැගෙන ගියේය. පන්දු යැවීමේදී දිනුර කළුපහන, විශ්ව ළහිරු සහ නායක සිනෙත් ජයවර්ධන අතර කඩුලු 2 බැගින් බෙදී ගියේය.

තරගයෙන් පරාජයට පත් වූවද ශ්‍රී ලංකා පිලේ දිනුර කළුපහනගේ පිතිහරඹය කැපී පෙනුණු අතර, ඔහු ඊයේ ලකුණු 53ක් රැස් කිරීමට සමත් විය. එය මෙවර ලෝක කුසලාන තරගාවලියේදී ඔහු රැස් කළ තුන්වැනි අර්ධ ශතකය විය.

ශ්‍රී ලංකා යොවුන් පිල – 231 (ඕවර 50) දිනුර කළුපහන 53, මල්ෂ තරුපති 42, සුපුන් වඩුගේ 31, පුළින පෙරේරා 24 (රනෙයිකෝ ස්මිත් 47/4, නේදන් එඩ්වර්ඩ් 47/2)

කොදෙව් පිල – 232/7 (ඕවර 49.3) ස්ටීව් වෙඩර්බර්න් 61, ජෝර්ඩන් ජොන්සන් 39, ස්ටීවන් පැස්කල් 33, නේදන් සීලි නොදැවී 27 (විශ්ව ළහිරු 32/2, දිනුර කළුපහන 39/2, සිනෙත් ජයවර්ධන 39/2)

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7