EXCLUSIVEFuture StarsLPL

ජාත්‍යන්තරය ජයගන්නට, LPL රටට දායාද කරන දෙඅතින්ම පන්දුයවන අලුත්ම ක්‍රිකට් තරුව – “තරිඳු රත්නායක”

මෙවර ලංකා ප්‍රිමියර් ලීග් තරඟාවලියේ සිව්වන තරඟය අද කලම්බු ස්ටාර්ස් හා දඹුල්ල ජයන්ට්ස් අතර පැවැත්වුණු තරඟය ලකුණු 18 කින් ජයගත් දඹුල්ල කණ්ඩායම වෙනුවෙන් සුපිරි දස්කම් අතරට පිවිසෙන්නට එම තරඟයෙන්ම LPL වරම් දිනාගත් තරිඳු රත්නායකට අවකාශය ලැබුණි.

තමන් මනා පාලයනයක් එල්ලයක් මෙන්ම දඟකැවීමක්ද සමඟින් දෙඅතින්ම පන්දු යැවිය හැකි කදිම දඟපන්දු යවන්නෙකු බව ඔහු පෙන්නුම් කලේය.

සාන්ත තෝමස් විද්‍යාලයෙන් පළමු පෙල පිටියට පිවිසි වත්මන් SSC ක්‍රීඩා සමාජය නියෝජනය කරන තරිඳු රත්නායක වත්මන් පළමු පෙල පිටිය තුල සිටින තරඟ ආකෘති තුන තුලද දස්කම් දක්වන විටෙක පිතිකරුවකු ලෙසින්ද සාධනීය දස්කම් දක්වන ක්‍රීඩකයෙකි.

පළමු පෙල තරඟ 39 කදී කඩුලු 178 ක් LIST A තරඟ තුලදී කඩුලු 40ක් හා විස්සයි විස්ස කඩුලු 30 ක් බිඳ හෙලන්නට තරිඳු රත්නායක සමත් ව ඇත.

වමතින් හා දකුණතින් පිට දඟපන්දු යවන ක්‍රීඩකයෙකු වූ කමිඳු මෙන්ඩිස් දෙසට යොමුව තිබුණු අවධානය තමා වෙතටද නතු කරගන්නට තරිඳු රත්නායක සමත් වූයේ, කලම්බු ස්ටාර්ස් පිලේ ප්‍රභලතම විදෙස් ක්‍රීඩකයන් දෙදෙනා වූ ටොම් බැන්ටන්ගේ හා රදර්ෆර්ඩ් ගේ කඩුලු දවාගනිමිනි.

ඔහු කමිඳු මෙන්ඩිස්ට වඩා හොඳින් පාලනයක් සහිතව පන්දු යවන ආකාරය නිමාව දුටු දේශීය පළමු පෙල තරඟ තුලදී මෙන්ම අද පැවැති තරඟයේදීද පෙන්නුම් කලේය.

පන්දුවාර 4 ක් තුලදී ලකුණු 17 කට කඩුලු 2 ක් බිඳදමන්නට ඔහු සමත් විය.

නිමාව දුටු දේශීය තරඟාවලිය තුලදී සුපිරි දස්කම් දක්වන්නට තරිඳු රත්නායක සමත් වූ අතර ජාත්‍යන්තරය ජයගන්නට දේශීය පිටියේ දස්කම් දක්වන යොවුන් ක්‍රීඩකයන් හට කදිම වේදිකාවක් බවට LPL තරඟාවාලිය පත්වී හමාරය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7