Cricket NewsEXCLUSIVE

21 වන සියවස තුළ ටෙස්ට් පිටියේ සිව් වන ඉණිමේ වීරයා බවට කුසල් මෙන්ඩිස් පත් වෙයි.!

වසර සිය ගණනක් ඉපැරැණි ටෙස්ට් ක්‍රිකට් වංශකතාවේ පිතිකරණයේ යෙදීමට අපහසුම ඉනිම ලෙසින් සැලකෙන්නේ තරඟයේ හතරවැනි ඉනිමය.

වර්ථමානයේ මෙන්ම අතීතයේ සිටම තරඟයේ තණතීරු හැසිරීම හේතුවෙන් බොහෝ විට තරඟයේ සිව්වැනි හා පස්වැනි දිනයේදී තරඟයේ හතරවැනි ඉනිම ක්‍රීඩා කිරීමට පිතිකරුවන්ට සිදු වන්නේ අසීරු තත්වයන් මධ්‍යයේය.

පිතිකරණයේ යෙදීමට අසීරුතම සිව්වැනි ඉනිමේ දී වර්ථමානයේ ක්‍රීඩා කරන ක්‍රීඩකයින් අතුරින් මව්බිමෙන් පිටත හොඳම සාමාන්‍ය රඳවාගත් පිතිකරුවා වන්නේ කුසල් මෙන්ඩිස් ය.

විශේෂත්වය වනුයේ ඔහු එම ලැයිතුවේ පෙරමුණ ගනිද්දී වර්ථමානයේ නම් දැරූ පිතිකරුවන් හට ඔහුව අභිබවා යෑමට නොහැකි වීමය.කුසල් මෙන්ඩිස් තාක්ෂණයෙන් අග්‍රගණයේ පිතිකරුවෙකු බව නොරහසකි.ඒ බව පෙන්නුම් කරන තවත් සාධකයකි.

එදා මෙදා තුර ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ සිව්වැනි ඉනිමේ හොඳම සාමාන්‍ය හිමි පිතිකරුවන් අතුරින් සිව්වැනි ස්ථානය හිමිව ඇත්තේ කුසල් මෙන්ඩිස් හටය.එහිදී ඔහුගේ සාමාන්‍ය 61.5 කි.

කුසල් මෙන්ඩිස් හට ඉදිරියෙන් සිටිනුයේ සුනිල් ගවස්කාර්,ජස්ටින් ලැංගර් හා හර්බට් සට්ක්ලිෆ්ෆ් පමණි.

ඔවුන් සියලු දෙනාම විසිවැනි ශතවර්ෂයේ පිතිකරුවන් වන අතර 21 වැනි ශතවර්ෂයේදී කුසල් මෙන්ඩිස් අභිබවා යන්නට එකදු ක්‍රීඩකයෙකු හෝ සමත්ව නැත.

මෙම සියවසේ සිව්වැනි වැඩිම සාමාන්‍යක් රඳවාගන්නට සමත් වූ පිතිකරුවා වෙමින් කුසල් මෙන්ඩිස් ග්‍රේම් ස්මිත් හා රිකී පොන්ටිං අභිබවා ගියේය.

21 වන සියවසේ ටෙස්ට් පිටියේ සිව් වන ඉනිමේ ඉහලම සාමන්‍යක් හිමි පිතිකරුවන්

61.50 – Kusal Mendis 🇱🇰
60.53 – Graeme Smith 🇿🇦
56.64 – Ricky Ponting 🇦🇺
45.73 – Younis Khan 🇵🇰
45.21 – VVS Laxman 🇮🇳
44.64 – Virat Kohli 🇮🇳
44.00 – Rahul Dravid 🇮🇳

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7