Cricket NewsEXCLUSIVEInternational

බංගලාදේශ ක්‍රිකට් අධ්‍යක්ෂකගේ ආන්දෝලනාත්මක ප්‍රකාශය සිදු කර වැඩි කාලයක් ගත වීමට පෙර ප්‍රධාන පුහුණුකරු Russell Domingo සිය ධුරයෙන් ඉවත් වෙයි.!

පසුගිය 2019 වසරේ සිට බංග්ලාදේශ ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ධුරය දැරූ දකුණු අප්‍රිකා ජාතික Russell Domingo සිය ධුරයෙන් ඉවත් වී තිබෙනවා. කෙසේ නමුත් 2023 වසරේ පැවැත්වෙන එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය දක්වා ඔහුගේ කොන්ත්‍රාත් කාලය දිගු වුවත් ඔහු මෙලෙස හදිසියේ සමු ගනු ලැබුවා.

Russell Domingoගේ පුහුණුකාරීත්වය යටතේ බංග්ලාදේශ කණ්ඩායම සිය රට තුල දී ඔස්ට්‍රේලියාවට හා නවසීලන්තයට එරෙහිව විස්සයි-20 තරගාවලි ජයග්‍රහණ වාර්තා කිරීමට සමත් වුනා.

එමෙන්ම ඔහුගේ මග පෙන්වීම යටතේ දකුණු අප්‍රිකාවේ දී එක්දින තරගාවලියක් ද ජය ගැනීමට බංග්ලාදේශය සමත් වූ අතර මිට පෙර බංගලාදේශ ක්‍රිකට් සභාපති ජලාල් යුනුස් “අපට කණ්ඩායමට බලපෑමක් සහ බලපෑමක් ඇති කරන පුහුණුකරුවෙකු අවශ්‍යයි,” යනුවෙන් ප්‍රකාශ කර තිබීම හා ඉක්මනින් වෙනස්කම් කිහිපයක් දැකගැනීමට හැකිවේ යැයි ප්‍රකාශ කර තිබීම මගින් බංගලාදේශ ක්‍රිකට් ආයතනයේ සැළසුමක් අනුව Russell Domingo සිය පුහුණුකාර ධුරයෙන් ඉවත්වී ගොස් ඇතැයි ද විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7