Cricket NewsEXCLUSIVE

පාසල් ක්‍රීඩකයන් දෙදෙනෙකුද සමග “ශ්‍රී ලංකා නැගී එන ක්‍රිකට් කණ්ඩායම” එංගලන්තය බලා පිටත් වෙයි.!

එංගලන්ත තරග සංචාරය සඳහා නම් කරන ලද 18 දෙනෙකුගෙන් යුත් ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායම අද දිනයේදී එංගලන්තය බලා පිටත්ව ගියා. මෙම තරග සංචාරයේ දී ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායම සිව්දින තරග 3කට හා විස්සයි-20 තරග 3කට ක්‍රීඩා කිරීමට නියමිතයි.

මෙම සංචිතයට පාසල් ක්‍රීඩකයින් දෙදෙනකු ඇතුළත් වී සිටිනවා ඒ ශ්‍රී ලංකා වයස අවුරුදු 19 න් පහළ ජාතික පිලේ නායක, මරදාන ශාන්ත ජෝෂප් විදුහල් ක්‍රීඩක දුනිත් වෙල්ලාලගේ සහ වයස අවුරුදු 19 න් පහළ කණ්ඩායමේ වේග පන්දු යවන ක්‍රීඩක ගල්කිස්ස ශාන්ත තෝමස් විදුහලේ යසිරු රුද්‍රිගෝ එම ක්‍රීඩකයින් දෙදෙනා වෙති.

මැයි මස 06 වැනිදා ආරම්භ වන එම තරගාවලියේදී සිව්දින තරග 3ක් සහ විස්සයි-20 තරග 3 ක් ඇතුළත්වේ.

ඒ අනුව සිව්දින තරග අංශයේ නායකයා ලෙස හිටපු වයස අවුරුදු 19 න් පහළ නායක, වර්තමාන එස්. එස්. සී. පිල නියෝජනය කරනු ලබන නිපුන් ධනංජයද, විස්සයි-20 අංශයේ නායකයා ලෙස ජාතික කණ්ඩායම නියෝජනය කළ කෝල්ට්ස් කණ්ඩායමේ ධනංජය ලක්ෂාන් ද නම් කර තිබේ.

නම් කරන ලද කණ්ඩායම ඇතුළත් ක්‍රීඩකයින් අතර අෂේන් බණ්ඩාර සහ ධනංජය ලක්ෂාන් ජාතික කණ්ඩායම නියෝජනය කර ඇති ක්‍රීඩකයෝ වෙති.

ඒ හැරුණු කොට සෙසු සියල්ලන්ම පාහේ ටැමිල් යුනියන් කණ්ඩායම ශූරයින් බවට පත්වෙමින් ඉකුත්දා නිමාවට පත් වුණු නැගී එන කණ්ඩායම් අතර ක්‍රිකට් තරගාවලියේදී දක්ෂතා දක්වන ලද ක්‍රීඩකයෝ වෙති.

ඒ අතර තරග 7 කදී ශතක 2 ක් සහ අර්ධ ශතක 2 ක් සමඟින් ලකුණු 663 ක් රැස් කරමින් තරගාවලියේ වැඩිම ලකුණු ලාභියා වුණු කෝල්ට්ස් ක්‍රීඩා සමාජයේ අවිශ්ක පෙරේරා සහ තරග 5 කදී කඩුලු 52 ක් බිඳ දමමින් තරගාවලියේ වැඩිම කඩුලු ලාභියා වුණු දිලුම් සුධීරද පසුවේ.

ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායම – ලසිත් කෲස්පුල්ලේ, නිශාන් මදුශ්ක, නිපුන් ධනංජය (නායක – සිව්දින අංශය), නුවනිඳු ප්‍රනාන්දු, අෂේන් බණ්ඩාර, අවිශ්ක තරිඳු, අවිශ්ක පෙරේරා, දුනිත් වෙල්ලාලගේ, ධනංජය ලක්ෂාන් (නායක – වි-20 අංශය), සංතුෂ් ගුණතිලක, යසිරු රුඳ්‍රගෝ, අම්ෂි ද සිල්වා, නිපුන් මාලිංග, උදිත් මදුශාන්, නිපුන් රන්සික, දිලුම් සුධීර, අෂෙයින් ඩැනියල්, මනෙල්කර් ද සිල්වා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button