Cricket NewsEXCLUSIVE

ප්‍රභල ඉන්දීය කණ්ඩායම ඉන්දියාවේදීම දණ ගැස්වූ මිචෙල් ස්ටාර්ක් ප්‍රමුඛ ඕස්ට්‍රේලියානුවන් කඩුලු 10ක වාර්තාගත ජයග්‍රහණයක් වාර්තා කරයි.!

ඉන්දියාවට එරෙහිව විශාඛාපට්නම්හිදී පැවැති දෙවැනි එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගයෙන් කඩුලු 10 ක විශිෂ්ඨ ජයක් වාර්තා කිරීමට ඕස්ට්‍රේලියාව අද (19) සමත් විය. මෙම ජයත් සමග තරග 3 කින් සමන්විත එක්දින තරගාවලිය 1-1 ක් ලෙස සම තත්වයට පත්කිරීමටද ඕස්ට්‍රේලියානුවෝ සමත් වූහ.

ජයග්‍රහණය සඳහා ලකුණු 118 ක ඉලක්කයක් හඹාගිය ඕස්ට්‍රේලියානු කණ්ඩායම ඕවර 11 ක් අවසානයේ කඩුලු 10 ම අතැතිව එම ඉලක්කය පසුකර ගියේය. එහිදී ට්‍රැවීස් හෙඩ් පන්දු 30 කදී හතරේ පහර 10 ක් සමග නොදැවී ලකුණු 51 ක්ද, මිචෙල් මාෂ් පන්දු 36 කදී හයේ පහර 6 ක් සහ හතරේ පහර 6 ක් සමග නොදැවි ලකුණු 66 ක්ද රැස්කරමින් සිය කණ්ඩායමේ ජයග්‍රහණය තහවුරු කළහ.

පළමුවෙන් පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායමට මිචෙල් ස්ටාර්ක් ප්‍රමුඛ ඕස්ට්‍රේලියානු පන්දු යවන්නන්ගේ දක්ෂ පන්දු යැවීම හමුවේ ඕවර 26 ක් අවසන් වන විට සියලු දෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 117 ක් පමණි. ඉන්දීය ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වූ විරාට් කෝලි පන්දු 35 කින් ලකුණු 31 ක් රැස්කළේ හතරේ පහර 4 ක් සමගිනි.

එහිදී එක්දින තරගයක කඩුලු 5 ක් දවාගත් 8 වැනි අවස්ථාව සනිටුහන් කළ මිචෙල් ස්ටාර්ක්, නිලකුණ් ඕවරයක් සමග ඕවර 8 ක් යවමින් ලකුණු 53 කට කඩුලු 5 ක් බිඳහෙළුවේය. ෂොන් ඇබට් ලකුණු 23 කට කඩුලු 3 ක්ද, නේදන් එලිස් ලකුණු 13 කට කඩුලු 2 ක්ද දවාගනිමින් ඉන්දීය ඉනිම සුනුවිසුණු කර දැමීම සඳහා ස්ටාර්ක්ට අනගි සහායක් දුන්හ.

ඉන්දියාව – 117/10 (26)
(විරාට් කෝලි 31, රවින්ද්‍ර ජදේජා 16, අක්සර් පටේල් 29, මිචෙල් ස්ටාර්ක් 53/5, ෂොන් ඇබට් 23/3, නේදන් එලිස් 13/2)

ඕස්ට්‍රේලියාව – 121/0 (11)
(ට්‍රැවීස් හෙඩ් නොදැවී 51, මිචෙල් මාෂ් නොදැවී 66)

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
2
+1
0
+1
3
+1
1
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7