Cricket NewsEXCLUSIVEMatch Review

ශ්‍රී ලංකා බලාපොරොත්තු සඵල කරමින් බංගලාදේශයට අන්ත පරාජයක් අත් කළ ඇෆ්ගනිස්තානය කඩුලු 7ක ජයක් වාර්තා කරයි.!

ශ්‍රී ලංකාවේ සත්කාරකත්වය යටතේ මේ වන විට ආසියානු කුසලාන තරගාවලිය අති උත්කර්ෂවත් අයුරින් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී පැවැත්වෙනවා.

මේ අතර ශ්‍රී ලංකා කණ්ඩායමට අතිශය තීරණාත්මක තරගයක් අද බංගලාදේශය සහ ඇෆ්ගනිස්ථානය අතර පැවතියා. යම් හෙයකින් මෙම තරගය බංගලදේශ ජයග්‍රහණය කළා නම් ශ්‍රී ලංකා කණ්ඩායමේ දෙවන වටයේ බලාපොරොත්තු බිඳවැටීමට එයම ප්‍රමාණවත් වූවා.

කෙසේ නමුත් එම තරගයෙන් කඩුලු 7 ක දැවැන්ත ජයග්‍රහණයක් වාර්තා කරමින් ඇෆ්ගනිස්තානය ආසියානු කුසලානයේ දෙවන වටයේ සිය ස්ථානය තහවුරු කර ගැනීමට මීට සුලු මොහොතකට පෙර සමත් වුවා.

අද තරඟයේ කාසියේ වාසිය දිනු ඇෆ්ගනිස්තාන නායකයා ප්‍රථමයෙන් පන්දුවට පහර දීම සඳහා බංගලාදේශ කණ්ඩායමට ආරාධනා කර සිටියා.

එ අනුව පන්දුවට පහර දුන් බංගලාදේශ කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 7ක් දැවී ලකුණු 127ක් රැස් කිරීමට සමත් වුණා.

බංගලාදේශ ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ Mosaddek Hossain ලකුණු 48ක් වාර්තා කිරීමට සමත් වුනා. Mahmudullah ලකුණු 25ක් රැස් කළ අතර Mahedi Hasan ලකුණු 14ක් රැස්කිරීමට සමත්වුණා.

පන්දු යැවීමේදී Mujeeb Ur Rahman සහ Rashid Khan කඩුලු 3 බැගින් බිඳ හෙලීමට සමත් වූනා.

ඒ අනුව ලකුණු 128ක ජයග්‍රාහි ඉලක්කයක් හඹා යාම සඳහා පිටියට පිවිසි ඇෆ්ගනිස්ථාන පිතිකරුවන් පන්දුවාර 18.3ක් අවසානයේ කඩුලු 3ක් පමණක් දැවී ලකුණු 131ක් වාර්තා කර තරඟය ජයග්‍රහණය කළා.

ඇෆ්ගනිස්ථාන ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ Najibullah Zadran පන්දු 17ක් තුල වෙගවත් ලකුණු 43ක් රැස් කල අතර Ibrahim Zadran ලකුණු 42ක් රැස් කළා.

පන්දු යැවීමේදී Shakib Al Hasan, Mosaddek Hossain සහ Mohammad Saifuddin එක් කඩුල්ල බැගින් දවා ගැනීමට සමත් වුනා.

ඇෆ්ගනිස්තානය ලැබු මෙම ජයග්‍රහණයත් ⁣සමග B ඛාණ්ඩයේ පෙරමුණ ගනිමින් දෙවන වටයේ සිය ස්ථානය තහවුරු කර ගැනීමට සමත් වූ අතර ශ්‍රී ලංකාව සහ බංගලදේශය යන කණ්ඩායම් අතර පැවැත්වෙන තරඟයෙන් දෙවන වටයට යන ඊලග කණ්ඩායම තීරණය වනු ඇත.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button