Cricket NewsEXCLUSIVEUnder-19

විරාට් කෝලිට හා ප්‍රිත්වි ශෝට පමණක් දෙවැනි වූ 19 න් පහළ ක්‍රිකට් ඉතිහාසයේ බිහි වූ විශිෂ්ඨතම නායකයා.!

කලකට පසු සමස්ත ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවම පාහේ විශාල උන්නතියක් ලබාගත් වසරක් බවට 2021වසර පත්විය.සමස්තයක් වශයෙන් ගත්කල නිමාව දුටු තරඟාවලි කිහිපය තුලදී ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම මෙන්ම 19 පහළ කණ්ඩායමද සුපිරි දස්කම් දක්වන්නට සමත් විය.

බොහෝ කලකට පසු ශ්‍රී ලංකා ක්‍රීඩා ලෝලීන් හට ජයග්‍රහණ ඉඩෝරක් නිමා කර දෙන්නට ජාතික කණ්ඩායම මෙන්ම 19 න් පහළ කණ්ඩායම සමත් විය.

බොහෝ ක්‍රීඩා ලෝලීන් අතර වඩාත් ප්‍රචලිත මාතෘකාවක් වූ ජාතික කණ්ඩායමේ නායකත්වයට නොදෙවෙනි නායකත්වයක් 19 න් පහළ නායකත්වය පෙන්නුම් කලේය.

බොහෝ දෙනා මීට වසර කිහිපයකට පෙර 19 න් පහළ නායකයා වූ චරිත් අසලංක ගැන බලාපොරොත්තු තබා ගත්තා මෙන්ම ශ්‍රී ලංකා වත්මන් 19 න් පහළ නායක දුනිත් වෙල්ලාලගේ පිළිබඳව බලාපොරොත්තු තබාගත්තාට වරදක් නැත.

මන්ද නායකත්ව ලේබලයට සීමා නොවූ වඩා පුලුල් පරාසයක විහිදී ගිය දක්ශතාවයකින් පරිපූර්ණ ක්‍රීඩකයෙකු බව දුනිත් පෙන්නුම් කලේය.

මැදපෙල ප්‍රහාරක පිතිකරුවෙකු මෙන්ම ඕනෑම විටෙක ඉනිමකට නැංගුරමක් විය හැකි තාක්ෂණයකින්ද හෙබි පිතිකරුවෙකි.

පළමු පෙල තරඟ තුල මෙන්ම 19 න් පහළ කණ්ඩායම තුලද ප්‍රධාන වමත් පිටදඟපන්දු යවන්නෙකු වන දුනිත් පිත්තෙන් මෙන්ම පන්දුවෙන් ද තරඟයක් කණ්පිට හැරවීමට හැකියාවක් ඇත්තෙක් බව නිමාවූ තරඟාවලි කිහිපයේදී මෙන්ම මෙවර ආසියානු කුසලානයේදීද පෙන්නුම් කලේය.

මෙවර ආසියානු කුසලානයේ අවසන් මහා තරඟය සඳහා සුදුසුකම් ලබාගන්නට ශ්‍රී ලංකා 19 න් පහළ කණ්ඩායම අද සමත් විය.අවසන් පූර්ව වටය දක්වා තරඟාවලිය පුරාවට දුනිත්ගේ නායකත්වය ශ්‍රී ලංකා 19 න් පහළ කණ්ඩායමට තීරණාත්මක සාධයක් විය.

එම සාධකය මත ශ්‍රී ලංකා කණ්ඩායම අද වැඩි වශයෙන් රැඳී තිබෙනු දක්නට ලැබුණි.

දුනිත් සිය පන්දු යවන්නන් මනාව පෙලගස්වා ගන්නා ආකාරය ප්‍රශංසනීයය.තණතීරුව මනා ලෙස කියවීමේ හැකියාවක් දුනිත් සතුබව නම් නොරහසක් බව බොහෝ විට ප්‍රත්‍යක්ෂ වූ කරුණක් විය.

අවශ්‍ය විට තුන් ඉරියව් ක්‍රීඩකයන් භාවිත කිරීම හා ඔවුන් වැඩි පන්දුවාර සංඛ්‍යාවක් ක්‍රියාත්මක කරවීම සඳහා යොදාගැනීම ඔහු මනාව සිදු කලේය.තරඟයේ තීරණාත්මක සාධක වලට බලපෑමක් කල හැකි ලෙස ශෙවොන් ඩැනියෙල් වැනි ක්‍රීඩකයන් භාවිත කිරීම අගය කල යුතුමය.

තරඟ නරඹන්නෙකුට මෙන්ම ක්‍රීඩක දත්ත කියවන්නෙකුටද දුනිත්ගේ නායකත්වයේ පරාසය කියවීමට ඔහු යොවුන් එක්දින තරඟ 13 කට නායකත්වය ලබාදී පෙන්වීය.

දුනිත් වෙල්ලාලගේ මේ වන විට 19න් පහල තරග 13ක් සදහා නායකත්වය ලබා දී ඇති අතර එයින් තරග 11ක්ම ජයග්‍රහණය කිරීමට ශ්‍රීලංකා කණ්ඩායම සමත් වී ඇති අතර ඔහුගේ ජයග්‍රහණ ප්‍රතිශතය 91.66% ක් වශයෙන් සටහන් කරගනිමිනි.එම ප්‍රතිශතය මෙතෙක් ශ්‍රි ලංකාව තුල බිහි වූ වැඩිම ජයග්‍රහණ ප්‍රතිශතයක් හිමි 19න් පහල නායකයකු සතු ඉහලම ප්‍රතිශතය නායකයා බවට පත් වීමටද දුනිත් අද සමත් විය.

ලෝක ක්‍රිකට් ඉතිහාසය තුල ඔහුගෙ ජයග්‍රහණ ප්‍රතිශතය ඉක්මවා යෑම ටසමත් වී ඇත්තෙ විරාට් කෝලි හා ප්‍රිත්වී ශෝ පමණක් වීමද විශේෂත්වයකි.

මීට පෙරාතුව සඳහන් කල සේම දුනිත් හට තණතීරු පිළිබඳව මනා අවබෝධයක් ඇතිබව ඔහු පසක් කරමින් තමන්ගේ නායකත්ව ලක්ශනද පෙන්වමින් පකිස්තානය සමග තරඟයේදි දඟ පන්දු යවන්නන් යොදාගනිමින් පන්දුවාර 41ක් ඔහු යොමු කර තිබේ.

ලකුණු 147ක ඉලක්කයක් පන්දුවාර 50ක් තුලදී ආරක්ෂා කරගන්නට දඟපන්දු යවන්නන් හට අතිශය වාසිදායක තනතීරුවක් තුල සිය පන්දු යවනන්නන් කලමණාකරනය කරගනිමින් අවසානය වනතෙක් රැගෙන යාමටද ඔහුට හැකි විය .

තවද අද තරඟයේදී මතීශ පතිරණ තරඟයේ අවසානය තෙක් තබා ගනිමින් පකිස්තානුවන් අසරණ කරමින් ලකුණු 22ක විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබා ගනිමින් අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගැනීමට දුනිත් ඇතුලු 19න් පහල කණ්ඩායම අද සමත් විය.

සිය නායකත්ව ලක්ෂණ ඉදිරියේ වයස යනු හුදෙක් ඉලක්කමක් බවට පරිවර්ථනය කරගත් දුනිත් ශ්‍රී ලංකා යොවුන් පිල මෙවර ආසියානු කුසලානයේ අවසන් මහා තරඟය සඳහා රැගෙන ඒමට සමත් විය.

දක්ශ පිතිකරුවෙකු දක්ශ පන්දු යවන්නෙකු මෙන්ම ලේබලයට පමණක් සීමා නොවූ දුනිත් වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම අනාගතයට විශාල ආයෝජනයකි .

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7