EXCLUSIVERishie BroTrending Article

ක්‍රිස් ගේල් වගෙ දැවැන්තයො එනව කියලා පොලු තිබ්බ LPL එකට, ලෝකෙ අංක එකෙ පිතිකරුව වෙලත් නිරහංකාරව ආවට ස්තූති බාබර් – ක්‍රිකට් රසිකයකු තැබු සංවේදි සටහන

ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමු ගත්ත වයසක සෙට් එකක් මුලදි ගෙනත් ලොකු ලොකු නම් තියෙන ක්‍රීඩකයින් එනවා කියලා පොල්ල තියපු මේ ලංකා ප්‍රිමියර් ලීගයට අද ඇත්තටම ලෝකේ අංක එකේ පිතිකරුවා වෙච්චි බාබර් අසාම් පවා එන තැනටම දියුණු වෙලා…

කොවිඩ් වසංගතය තියෙන කාලයේ නොයෙකුත් බාධක මැද පටන් ගත්ත මේ තරගාවලිය දවසින් දවස දියුණු වෙනවා. අද වෙද්දි ලෝකේ අනිත් රටවල්වල අය පවා ඇත්තටම අවධානයක් ගන්න පුළුවන් තැනටම මේ ලීගය වර්ධනය වෙලා…

ඉතිං ඒ පිලිබඳව මුලින්ම ශ්‍රි ලංකා ක්‍රිකට් ආයතනයට ස්තූති කරන අතරම බාබර් වගේ ක්‍රීඩකයෙක් ලංකාවට ඇවිත් එයාගේ අත්දැකීම් අපේ තරුණ ක්‍රීඩකයින් එක්ක බෙදාගෙන මේ ක්‍රීඩා කරන එකටත් ස්තූතිවන්ත වෙන්න ඕනේ…!

කොළඹ සහ ගාල්ල අතර තරගය සුවිශේෂී තරගයක්. මෙවර LPL තරගාවලියේ දුර්වලයෙක් නැ සහ ශක්තිවන්තයෙක් නැ කියන්න තිබුන හොදම තරගය තමයි මේක. මේ තරගය කොළඹ දින්නා නම් ඒ වනවිට සියලුම කන්ඩායම් සම තරග ගණනක් දිනලා සම තරග ගණනක් පරාද වෙලා මේ තරගාවලියේ උණුසුම තවත් වැඩි වෙනවා.
ඒක ඒ විදිහටම සිද්ධ වුනා.

ඒ බාබර් අසාම් දියත් කල ඔහුගේ දහවෙනි විස්සයි විස්ස ශතකය හින්දා…
පැතුම් නිස්සංක සමග එකතු වෙමින් පුදුම සංයමයකින් ඉනිම ගොඩ නැගුවා. හරි වෙලාවට ලකුණු ගත්තා. දුර්වල පන්දු වලට පහරවල් එල්ල කලා. හොද පන්දු වලට ආරක්ෂා වුනා. මේ ඉනිමෙන් ක්‍රිකට් ක්‍රීඩා කරන තරුණ ක්‍රීඩකයින්ට ඉගෙන ගන්න හුගාක් දේවල් තිබුනා. කොහොමද විස්සයි විස්ස තරගයක ලොකු ලකුණු සංඛ්‍යාවක් හඹාගෙන යන්න තියෙද්දි ස්කෝර් බෝඩ් ප්‍රෙෂර් එක ඔලුවට ගන්නේ නැතුව සාර්ථක ඉනිමක් ගොඩ නගන්නේ ? කොහොමද අර්ධ ශතකයක් ලබා ගත්තහම ඒ ඉනිම ශතකයක් කරා ගෙනියන්නේ ? තමන්ගේ සහයකයා දැවි ගියහම හොදම අලුතින් එන පිතිකරුවාට පීඩනය ලබා නොදී සාර්ථක වෙන්නේ ? කියන එක බාබර් අපූරුවට පෙන්නුවා.

තරගය වෙනස් කල ක්‍රීඩකයා,
තරගාවලියට නව ජීවයක් එක් කල ක්‍රීඩකයා,
මෙවර තරගාවලියේ ලබාගත් පලමු ශතකයේ හිමිකරුවා,
තරගයේ වටිනාම ක්‍රීඩකයා,
ඒ වෙන කවුරුත් නෙමෙයි.
මේ විශිෂ්ඨ ඉනිමට ඒ සියල්ලන්ම හිමිවිය යුතුයි.

✍️ | Rishie Bro

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
2
+1
2
+1
2
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button