Cricket NewsEXCLUSIVEIPL

මීටර් 85ක් දුර ඇදී ගොස් තරඟය නරඹමින් සිටි ප්‍රේක්ෂිකාවකගේ හිසට වැටුණු, ඉන්දියාවේ අලුත්ම ක්‍රිකට් තරුව එල්ල කල දැවැන්ත හයේ පහර..

ක්‍රිකට් ලෝකයේ ඉහළම වාණිජ වටිනාකමක් දරන ප්‍රිමියර් ලීග් තරගාවලිය ලෙසින් සැලකෙන ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 2022 වසර සඳහා වන සංස්කරණය පසුගිය දා ආරම්භ වූයේ අති උත්කර්ෂවත් අයුරිනි.

ඒ අනුව ඊයේ පැවැත්වුණු තරඟාවලියේ 7වන තරඟය වූ Chennai Super Kings සහ Lucknow Super Giants අතර තරඟයෙන් Chennai Super Kings කණ්ඩායම පරාජය කරමින් කඩුලු 6ක ජයග්‍රහණයක් වාර්තා කිරීමට Lucknow Super Giants සමත් වුනා.

තරඟයේ කාසියේ වාසිය ජයග්‍රහණය කළ Lucknow Super Giants නායකයා ප්‍රථමයෙන් පන්දුවට පහරදීම සදහා Chennai Super Kings කණ්ඩායමට ආරාධනා කර සිටියා.

ඒ අනුව පිටියට පිවිසි Chennai Super Kings කණ්ඩායමට නියමිත පන්දු වාර 20 අවසානයේ කඩුලූ 7 ක් දැවී ලකුණු 210ක දැවැන්ත ලකුණු පුවරුවක් ගෝ නැගීමට සමත් වුනා.

ඒ අනුව ලකුණු 211ක දැවැන්ත ජයග්‍රාහි ඉලක්කයක් හඹා යාම සඳහා පිටියට පිවිසි Lucknow Super Giants පිතිකරුවන් පන්දුවාර 19කුත් පන්දු 3ක් අවසානයේ ලකුණු 211ක් ලබා තර්න්ග්‍ය ජයග්‍රහණය කළා.

වේගවත් ප්‍රහාරාත්මක ඉනිමක්දියත් කල Evin Lewis පන්දු 23ක් තුල ලකුණු 55ක් රැස් කල අතර Ayush Badoniපන්දු 9ක් තුල වේගවත් ලකුණු 19ක් රැස් කිරීමට සමත් වුනා.

මෙහිදී Lucknow Super Giants ඉනිමේ 18 වන පන්දුවාරයේ පළමු පන්දුවට Ayush Badoni එල්ල කල දැවැන්ත 6යේ පහර වැඩි අවධානයක් දිනා ගනු ලැබුවා.

ඒ මීටර් 85ක් පුරා ආදී ගිය එම දැවැන්ත හයේ පහර තරඟය නරඹමින් සිටි ප්‍රේක්ෂකයකුගේ හිසට වැඩිම හේතුවෙනි.

එහි දර්ශන පහතින්

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7