Cricket NewsEXCLUSIVE

ක්‍රිකට් ක්‍රීඩකයකුට බිඳ හෙළීමට හෝ සම කිරීමට අපහසුම වාර්ථාවක් කුසල් මෙන්ඩිස්ට සෙන්ටි මීටර් කිහිපයකින් මග හැරෙයි.!

සංචාරක අයර්ලන්ත පිලට එරෙහිව පැවැත්වෙන දෙවන ටෙස්ට් තරඟයේ සිව්වැනි දිනය අදයි.ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් පිටියේ වාර්ථා කිහිපයක් අලුත් වූ අද දිනයේ කැපී පෙනෙනතම ඉනිම දියත් වූයේ කුසල් මෙන්ඩිස්ගේ පිත්තෙනි.

මීට පෙර අවස්ථා තුනකදී ඔහුට මගහැරුණු ද්විත්ව ශතකය ඔහු අද වාර්ථා කලේ පන්දු 291 කදී ලකුණු 241 ක් ලබාගනිමිනි.ගාලු ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ ශ්‍රී ලංකා පිතිකරුවෙකු රැස් කල ඉහළම පෞද්ගලික ඉනිමටද හිමිකම් කියමිනි.ඔහු එසේ අභිබවා ගියේ හිටපු ශ්‍රී ලංකා ටෙස්ට් නායක මහේල ජයවර්ධනයි.

එමෙන්ම ඔහු කුමාර් සංගක්කාර පසු කර යමින් ටෙස්ට් ඉනිමක් තුල ශ්‍රී ලංකා පිතිකරුවෙකු එල්ල වැඩිම හයේ පහර සංඛ්‍යාව එල්ල කරන්නටද සමත් විය.මෙන්ඩිස්ගේ ඉනිම හයේ පහර 11 කින් වර්ණවත් වූ අතර එක් ටෙස්ට් ඉනිමක වැඩිම හයේ පහර ගණනක් එල්ල පිතිකරුවා වූ වසීම් අක්‍රම් හා සමවීමට තිබුණු අවස්ථාව මඟහැරී ගියේ එක් හයේ පහරකිනි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
21
+1
41
+1
119
+1
56
+1
27
+1
16
+1
39

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button