Cricket NewsEXCLUSIVEIPL

“ඕනෑම තීරණාත්මක අවස්ථාවකදී ඔහුව යොදා ගන්න පුළුවන්, මතිෂ අනාගතයේදී ශ්‍රි ලංකාවේ සුපිරි ක්‍රීඩකයෙක් වේවි” – CSK නායක MS Dhoni

මෙවර IPL තරගාවලියේ 49වන තරගය ලෙස Mumbai Indians කණ්ඩායම සහ Chennai Super Kings කණ්ඩායම් අතර පැවති තරඟයෙන් කඩුලු 6ක විශිෂ්ට ජයක් හිමිකර ගැනීමට Chennai Super Kings කණ්ඩායම සමත් වුනා.

මෙහිදී Chennai Super Kings වෙනුවෙන් විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ මතිෂ පතිරණ ලකුණු 15ක් තුල කඩුලු 3ක් බිඳ හෙලීමට සමත් වුයේ සිය පන්දු වාර 4තුල ලකුණු 15ක් පමණක් ප්‍රතිවාදී පිතිකරුවන්ට ලබා දෙමිනි. එමෙන්ම ඔහුගේ පන්දුවකට එකදු හයේ පහරක් හෝ හතරේ පහරක් එල්ල කිරීමට ද ප්‍රතිවාදීන් සමත් වුයේ නැහැ.

අද තරඟයෙන් අනතුරුව පැවති මාධ්‍ය හමුවේ දී Chennai Super Kings නායක මහේන්ද්‍ර සිං ධෝණි මෙලෙස අදහස් දක්වා සිටියා.

“සාම්ප්‍රදායික නොවන ඉරියව්වක් සහිත පන්දු යවන්නන් හමුවේ පිතිකරුවන්ට බෝලය හඳුනාගැනීමට දැඩි වෙහෙසක් ගන්න වෙනවා. මතිෂගේ ඉරියව්ව, වේගය සහ දක්ෂතා ස්ථාවරව පවත්වා ගැනීම ඔහුව විශේෂ ක්‍රීඩකයකු කරනවා, මම පෞද්ගලිකව හිතනවා මතීෂ ටික කලක් යනතුරු ටෙස්ට් ක්‍රීඩා නොකල යුතුයි කියලා. මොකද ඔහු කරන්නේ මේ දේ, ඕනෑම තීරණාත්මක අවස්ථාවලදී ඔහුව යොදා ගන්න පුළුවන්. ඒ වගේම එක්දින තරගත් අඩුවෙන් ක්‍රීඩා කරලා ඔහු ICC තරගාවලි සදහා සූදානමින් සිටිය යුතුයි කියලා හිතනවා. ඔහු ශ්‍රී ලංකාවට විශාල සම්පතක්.. ඒ වගේම අමතක කරන්න එපා ඔහු තරුණයෙක් පසුගිය වසරේ ඔහුව මුණ ගැසෙද්දී ඔහු කෙට්ටු සිහින් තරුණයෙක්. නමුත් මෙවර ඔහු මාංශ පේශින්ගෙන් පවා සවිමත් තරුණයෙක්.. ඔහු අනාගතයේදී ශ්‍රි ලංකාවේ සුපිරි ක්‍රීඩකයෙක් වේවි, ”

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
4
+1
1
+1
3
+1
1
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7