Cricket NewsEXCLUSIVE

විනිසුරු තීරණයට අප්‍රසාදය පල කිරීම හේතුවෙන් ශුබ්මන් ගිල්ට දඩ-ඉන්දීය කණ්ඩායමටත් අඩු පන්දුවාර වේගය හේතුවෙන් දඩ පනවයි !

ලෝක ටෙස්ට් ශූරතා අවසන් මහා තරඟය නිමා වී දිනකටත් වැඩි කාලයක් ගතවූ නමුත් සමස්ත මාධ්‍ය පුරාවටම තවමත් පුවත් මවන්නක් බවටයි ලෝක ටෙස්ට් ශූරතාවලියේ අවසන් මහා තරඟය පත්ව තිබෙන්නේ.

අවසන් මහා තරඟයේ දෙවන ඉනිමේදී ඉන්දීය ආරම්භක පිතිකරු ශුබ්මන් ගිල් විනිසුරු තීරණයට අප්‍රසාදය දැක්වීම හේතුවෙන් ඔහුගේ තරඟ ගාස්තුවෙන් සියයට 15 ක දඩයක් නියම කර තිබේ.

ඉන්දීය දෙවැනි ඉනිමේදී ඔහුව දැවීයාමට විනිසුරුවරයාගේ තීරණයෙන් පෙනෙන ලෙසට දැවීයාමක් වූ අතර ඔහුගේ කෝපය පෙන්වීමට Twitter සහ Instagram තුලද සටහන් තබා තිබීම කැපී පෙනුණි.

එමෙන්ම අඩු පන්දුවාර වේගයක් රදවා ගැනීම හේතුවෙන් ඉන්දීය කණ්ඩායමටද තරඟ ගාස්තුවෙන් දඩයක් පනවා තිබේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7