Cricket NewsEXCLUSIVE

“අද මගේ ජීවිතයේ දුක්බරම දවසක්..” – ශ්‍රී ලංකාව අතහැර යාමට සිදුවීම ගැන මිකී ආතර්ගෙන් සංවේදී ප්‍රකාශයක්.!

ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර පැවති ටෙස්ට් තරඟාවලියෙන් 2-0ක් ලෙස විශිෂ්ට ජයක් වාර්තා කිරීමට සත්කාරක ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය. මේ අතර ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකාර ධූරයෙ කටයුතු කරන මිකී ආතර් මහතාගේ අවසන් තරඟාවලියද මෙයයි.

එනම් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සහ මිකී ආතර් අතර තිබු ගිවිසුම් කාලය අදින් අවසන් වන අතර මිකී ආතර් හට ඒ අනුව ශ්‍රී ලංකාවෙන් නික්මිමටද සිදු වනවා.

ශ්‍රී ලංකා කණ්ඩායම ඉතාම අසීරු අඩියක සිටියදී භාර ගත් ඔහු අද නික්ම යන්නේ ලොව 20-20 හොදම පන්දු යවන්නා මෙන්ම නව අති දක්ෂ තරුණ කණ්ඩායමක් බිහි කරමින් බවනම් නොරහසක්.

අද අවසන් තරඟය සමගින් සමුගන්නා ඔහු තමන්ව අගයන ශ්‍රී ලාංකීය ප්‍රේක්ෂකයින් අතරට ගොස් කතා බස් කිරීමටද අමතක නොකළ අතාර් ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රේක්ෂකයන්ගෙන්ද මිකී ආතර් මහතාට උණුසුම් පිළිගැනීමක් හිමි වුනා.

අද තරඟයෙන් අනතුරුව පැවැති මාධ්‍ය හමුවේ දී මිකී ආතර්ද අදහස් දක්වා සිටි අතර එහිදී ඔහු සිය සමුගැනීම පිළිබඳව මාධ්‍යවේදියෙකු ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින් පවසා සිටියේ අද දින තම ජීවිතයේ දුක් බරම දවසක් බවයි.

එයට හේතුව ශ්‍රී ලංකාව නම් ඓතිහාසික රට අතහැර දැමීමට තමන්ට සිදුවන නිසා බවත් ශ්‍රී ලංකාව තුළ වටිනා ක්‍රිකට් ප්‍රේක්ෂකයින් පිරිසක් සිටින බවද ප්‍රකාශ කළ මිකී ආතර් මහතා ශ්‍රී ලංකා කණ්ඩායම නොබෝ දිනකින් ලෝකයේ අංක එකේ කණ්ඩායම බවට පත්වනු ඇති බවද ප්‍රකාශ කර සිටියා.

එහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ මිකී ආතර් මහතා මෙලෙස ප්‍රකාශ කර සිටියා.

”අද මගේ ජීවිතයේ දුක්බරම දවසක්, ඒ මොකවත් නිසා නෙමෙයි. ශ්‍රී ලංකාව කියන ඓතිහාසික රට අතහැර යාමට මා හට සිදුවන නිසා. මේ රටේ ඉතාම වටිනා ප්‍රේක්ෂකයන් සිටිනවා. මා ඔවුන්ට කියන්නට කැමතියි මා ශ්‍රී ලංකාව දෙස සැම විටම බලා සිටිනවා. එලෙසම ඔවුන් නොබෝ දිනකින් ලෝකයේ අංක එකේ කණ්ඩායම බවට පත් වේවි.“

ශ්‍රී ලංකා ප්‍රධාන පුහුණුකරු මෙකී ආතල් මහතා සහභාගි වූ මාධ්‍ය හමුව පහතින්

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7