Cricket NewsEXCLUSIVE

“අපේ ක්‍රීඩකයොන්ට තෙල් ටික ගහගෙන ග්‍රවුන්ඩ් එකට එන්නවත් සල්ලි නෑ…ඒකයි ගොඩක් ක්‍රීඩකයො ඔස්ට්‍රේලියාව වගේ රටවලට යන්නෙ…”- අනූශ සමරනායක !

ශ්‍රී ලංකා ක්‍රීඩකයින් හට ලැබෙන වරප්‍රසාද සීමිත බවත් ඔවුන්ගේ වැටුප් අනෙත් රටවලට සාපේක්ෂව ඉතා අඩු බවත් හිටපු ක්‍රීඩක අනූශ සමරනායක මහතා මාධ්‍ය වෙත කියා සිටියා.

ඒ අනුව බොහෝ ක්‍රීඩකයින් ඔස්ට්‍රේලියාව වැනි රටවලට සංක්‍රමණය වීමට ප්‍රධානතම හේතුව එය බවයි ඔහු කියා සිටියේ.

“ඕස්ට්‍රලියාවෙ ප්‍රාන්ත ක්‍රිකට් ගැහුවත් ලංකාවෙ ටෙස්ට් මැච් එකක ගෙවන ගාන හම්බෙනවා. ඉංදියාවෙ පළමුපෙල තරඟයකට ලක්ශ 10ක් විතර දෙනවා. ලංකාවෙ 45000යි දෙන්නෙ. තෙල් ටික ගහගෙන ග්‍රවුන්ඩ් එකට එන්නවත් සල්ලි නෑ. මේ නිසා තමයි අජේ ගොඩක් ක්‍රීඩකයෝ ඕස්ට්‍රලියාව වගේ රටවලට යන්නේ..”

යනුවෙන් ඔහු කියා සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button