Cricket NewsEXCLUSIVEInternationalUnder-19

ලෝක කුසලානයට ගිය ඇෆ්ගන් 19න් පහළ ක්‍රීඩකයන් 4ක් ආගිය අතක් නෑ – වීසා වලංගු කාලයද අවසන් වෙලා

Afghanistan join England in ICC U19 Men's Cricket World Cup Super League semi-final

බටහිර ඉන්දීය කොදෙව් දූපත්හි පැවැති යොවුන් එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සදහා එක් වූ ඇෆ්ඝනිස්තාන වයස අවුරුදු 19න් පහළ සංචිතයේ සාමාජිකයින් සිව් දෙනෙකු යළි සිය රට බලා පැමිණ නොමැති බව espncricinfo වෙබ් අඩවිය වාර්තා කරනවා.

U-19 World Cup 2022: Spirited Afghanistan sneak into semis after edging Sri Lanka out in thriller - Firstcricket News, Firstpost

අදාළ සාමාජිකයින් අතර ක්‍රීඩකයෙකු ද සිටින බවයි එම වෙබ් අඩවිය වාර්තා කර ඇත්තේ.
ඔවුන් සිව් දෙනා මේ වන විට එංගලන්තයේ ලන්ඩන් නුවර රැදී සිටින බවට ද තොරතුරු වාර්තා වී ඇති බව සදහන්.
කෙසේ වෙතත්, ඔවුන් එලෙස ලන්ඩන් නුවර රැදී සිටින්නේ සරණාගතභාවය අපේක්ෂාවෙන්දැයි මෙතෙක් තොරතුරු වාර්තා වන්නේ නැහැ.

Highlights Sri Lanka U19 vs Afghanistan U19 Super League Quarterfinal: Afghanistan won by 4 runs | Cricket News – India TV

ඔවුන්ගේ සංක්‍රමණික වීසාවල වලංගු කාලය ද ඊයේ දිනයෙන් අවසන් වනවා.මේ සම්බන්ධයෙන් ඇෆ්ඝනිස්තාන ක්‍රිකට් ආයතනය මෙතෙක් කිසිදු ප්‍රකාශයක් සිදු කර නැහැ.

මෙවර යොවුන් ලෝක කුසලානයේ දී ඇෆ්ඝනිස්තාන කණ්ඩායම සිව්වැනි ස්ථානය දිනා ගැනීමට සමත් වුණා.

 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7