Cricket NewsEXCLUSIVEInternationalUnder-19

19 න් පහල ලෝක කුසලානය සදහා ශ්‍රි ලංකා කණ්ඩායම නම් කරයි – ශ්‍රි ලංකා කන්ඩායම අද දින බටහිර ඉන්දීය කොදෙව් බලා යාමට නියමිතයි

May be an image of 5 people and people standing

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවති වයස අවුරුදු 19න් පහළ ආසියානු කුසලාන තරඟාවලියේ අනුශූරයන් වූ ශ්‍රී ලංකා කණ්ඩායමේ සාමාජිකයින් 17 දෙනෙකුගෙන් යුත් ශ්‍රී ලංකා 19න් පහළ සංචිතය 2022 ICC වයස අවුරුදු 19න් පහළ පිරිමි ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියට සහභාගී වීම සඳහා අද දින ඩුබායි සිට බටහිර ඉන්දීය කොදෙව් බලා පිටත් ව යෑමට නියමිතයි.

ශ්‍රී ලංකා කණ්ඩායම, ඔස්ට්‍රේලියාව, බටහිර ඉන්දීය කොදෙව් සහ ස්කොට්ලන්තය සමඟින් ‘ඩී’ කාණ්ඩය යටතේ ලෝක කුසලානයට ක්‍රීඩා කිරීමට නියමිතයි.

ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ පළමු තරගය ස්කොට්ලන්ත U19 කණ්ඩායමට එරෙහිව 2022 ජනවාරි 14 වැනි දින පැවැත්වෙනවා.එම තරගයෙන් පසුව ශ්‍රී ලංකා වයස 19 න් පහළ කණ්ඩායම මූලික වටයේදී ඕස්ට්‍රේලියානු U19 සහ බටහිර ඉන්දීය කොදෙව් U19 සමඟ තරඟ කරනු ඇති.

ලෝක කුසලානය සදහා නම් කර ඇති 19 න් පහළ ශ්‍රී ලංකා සංචිතය,

01) දුනිත් වෙල්ලාලගේ (නායක)

02) ෂෙවෝන් ඩැනියෙල්

03) අංජල බණ්ඩාර

04) පවන් පතිරාජ

05) සදීෂ රාජපක්ෂ

06) වනුජ සහන් කුමාර

07) රවීන් ද සිල්වා (උප නායක)

08) රනුද සෝමරත්න

09) මල්ෂා තරුපති

10) ට්‍රවීන් මැතිව්

11) යසිරු රුද්‍රිගු

12) මතීෂ පතිරණ

13) චමිදු වික්‍රමසිංහ

14) විනුජ රන්පුල්

15) සකුණ ලියනගේ

16) අභිෂේක් ලියනආරච්චි

17) සදීෂ් ජයවර්ධන

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button