Cricket NewsEXCLUSIVE

එළඹෙන 16 වන දා පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා සිම්බාබ්වේ තරඟාවලියට නොසිතු ඇබැද්දියක්.!

එළඹෙන ජනවාරි මස 16 වන දින සිට ශ්‍රී ලංකාව සමග පැවැත්වීමට නියමිත එක්දින ක්‍රිකට් තරගාවලිය සදහා සිම්බාබ්වේ ක්‍රිකට් කණ්ඩායම ඊයේ රාත්‍රියේ දිවයිනට පැමිණියා.

ඒ අතර ශ්‍රී ලංකාවට පැමිණීමේදී කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ දී සිදු කළ පී.සී.ආර් පරීක්ෂණවල ප්‍රතිඵල හරහා සිම්බාබ්වේ ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලාල්චාන්ඩ් රාජ්පුට් හට කොවිඩ්-19 ආසාදනය වී ඇති බව හෙළි වී තිබෙනවා.

ඒ අනුව ලාල්චාන්ඩ් රාජ්පුට් කණ්ඩායමෙන් වෙන්කර නිරෝධායනය සදහා යොමු කර තිබෙනවා.

කෙසේ වෙතත් කණ්ඩායමේ අනෙක් ක්‍රීඩකයින් සහ කාර්ය මණ්ඩලය සම්බන්ධයෙන් සිදු කළ පී.සී.ආර් පරීක්ෂණවල දී ඔවුන් කිසිවෙක් හට කෝවිඩ් 19 ආසාදනය වී ඇති බවට වාර්තා වන්නේ නැහැ.

සිම්බාබ්වේ කණ්ඩායම ශ්‍රී ලංකා සංචාරය ආරම්භ කිරීමට පෙර සංචාරය සම්බන්ධයෙන් අදහස් දැක්වූ සිම්බාබ්වේ ප්‍රධාන පුහුණුකරු ලාල්චන්ද් රාජ්පුත් කියා සිටියේ, මෙම තරග සංචාරය තුළ දී ශ්‍රී ලංකා කණ්ඩායම පරාජය කිරීමේ හොඳ අවස්ථාවක් සිය කණ්ඩායමට ඇති බවයි.

තරග තුනකින් සමන්විත එක්දින තරගාවලියේ පලමු තරග්‍ය ලබන 16 වැනි දා මහනුවර පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී දිවා-රාත්‍රී තරගයක් ලෙස ආරම්භ වනවා.

තරගාවලියේ සෙසු තරග, ජනවාරි 18 සහ 21 යන දිනවල දිවා රාත්‍රී තරග ලෙස පැවැත්වෙන්නේ ද මහනුවර පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී යි.

ශ්‍රී ලංකාවට පැමිණි සිම්බාබ්වේ එක්දින සංචිතය

ක්‍රේග් අර්වින් නායක
රයන් බර්ල්,
රෙගිස් චකබාවා,
ලියූක් ජොන්වේයි,
ටකුඩ්වන්ශේ කයිටානො,
ක්ලියිව් මඩන්ඩේ,
වෙස්ලි මද්වේරේ,
වෙලින්ටන් මසකඩ්සා,
ටිනොටෙන්ඩා මුටොම්බොඩ්සි,
බ්ලෙසිග් මුසොරබානි,
නගරවා රිචාර්ඩ්,
සිකන්ඩර් රාසා,
ෂුම්බා මිල්ටන්,
ෂෝන් විලියම්ස්

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7