EXCLUSIVEInternational

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ඉලක්ක කරගනීමින් ජූලි මාසයේදී ශ්‍රී ලංකාවත් පකිස්ථානයත් අතර තරඟ 5 කින් යුත් එක්දින තරඟාවලියක් !

තවත් දින කිහිපයකින් ටෙස්ට් ලෝම ශූරතාවලියේ දෙවන සංස්කරණය ලෝඩ්ස් හිදී අවසන් වීමට නියමිතය.ඉන් අනතුරුව ආරම්භ වන තෙවන ටෙස්ට් ලෝක ශූරතාවලිවලිය යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම ලබන ජූලි මාසයේදී පකිස්ථානයට එරෙහිව ටෙස්ට් තරඟාවලියකට සත්කාරකත්වය ලබා දීමට නියමිතයි.

එම තරඟාවලිය සඳහා එක්දින තරඟ 5 කින් යුත් ද්විපාර්ශවික තරඟාවලියක් එක්කිරීම සඳහා මේවන විට දෙරට අතර ක්‍රිකට් බලධාරීන් අතර විටින් විට සාකච්ඡා කිහිපයක් පවත්වා ඇති බවත් එහිදී බොහෝ ධනාත්මක අදහස් හුවමාරු වීම් සිදුවූ බවද සඳහන්.

මේ වසරේදී ඉන්දියාවේදී පැවැත්වීමට නියමිත එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ඉලක්ක කරගනීමින් පෙර පුහුණු තරගාවලියක් ලෙස එළඹෙන ජුලි මාසයෙදි තෙවන ලෝක ටෙස්ට් ශුරතාවලිය වෙනුවෙන් පැවැත්වීමට නියමිතව ඇති පාකිස්ථාන පිළේ ශ්‍රී ලංකා ටෙස්ට් තරග සංචාරයට අදාල තරග කාලසටහන සංශෝධනයට ලක්‌කරමින් අදාළ කාලසීමාව තුලදි මෙම තරඟාවලිය පැවැත්වීමටයි සාකච්ඡා කොට තිබෙන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
7
+1
4
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7