Cricket NewsEXCLUSIVEIPL

Delhi Capitals පන්දු යවන්නන්ගේ සුපිරි පන්දු යැවීම හමුවේ Kolkata Knight Riders කණ්ඩායමට කඩුලු 4ක පරාජයක්.!

ක්‍රිකට් ලෝකයේ ඉහළම වාණිජ වටිනාකමක් දරන තරගාවලිය ලෙසින් සැලකෙන ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 2022 වසර සඳහා වන සංස්කරණය අති උත්කර්ෂවත් අයුරින් පසුගිය දා ආරම්භ වූයේ ශ්‍රී ලංකා සුපිරි ක්‍රිකට් තරු රැසකගේද සහභාගීත්වයෙනි

මේ අතර අද තරගාවලියේ 41වන තරගය ලෙස Kolkata Knight Riders සමග Delhi Capitals කණ්ඩායමත් අතර පැවති තරඟයෙන් කඩුලු 4ක ජයක් හිමිකර ගැනීමට Delhi Capitals කණ්ඩායම සමත් වුනා.

අද තරඟයේ කාසියේ වාසිය ජයග්‍රහණය කළ Delhi Capitals නායකයා ප්‍රථමයෙන් පන්දුවට පහර දීම සඳහා Kolkata Knight Riders කණ්ඩායමට ආරාධනා කර සිටියා.

ඒ අනුව පිටියට පිවිසි Kolkata Knight Riders කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 9ක් දැවී ලකුණු 146ක් රැස් කිරීමට සමත් වුනා.

Kolkata Knight Riders වෙනුවෙන් විශිෂ්ට ඉනිමක් දියත් කළ Nitish Rana පන්දු 34කදී ලකුණු 57ක් වාර්තා කිරීමට සමත් වුනා. ඔහුගේ ඉනිමට දැවැන්ත හයේ පහරවල් 4ක් සහ හතරේ පහර 3ක් ඇතුලත් වුනා.

Shreyas Iyer ලකුණු 42ක් රැස් කළ අතර Rinku Singh ලකුණු 23ක් රැස්කිරීමට සමත්වුණා.

පන්දු යැවීමේදී Kuldeep Yadav කඩුලු 3ක් සහ Mustafizur Rahman කඩුලු 3ක් බිඳ හෙලීමට සමත් වූනා.

ඒ අනුව ලකුණු 147ක ජයග්‍රාහි ඉලක්කයක් හඹා යාම සඳහා පිටියට පිවිසි Delhi Capitals පිතිකරුවන් පන්දුවාර 19ක් අවසානයේ කඩුලු 6ක් පමණක් දැවී ලකුණු 150ක් වාර්තා කර තරඟය ජයග්‍රහණය කළා.

Delhi Capitals ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ David Warner පන්දු 26ක් තුල වෙගවත් ලකුණු 42ක් රැස් කල අතර Rovman Powell ලකුණු 33ක් රැස් කළා.

පන්දු යැවීමේදී Umesh Yadav කඩුලු 3ක් දවා ගැනීමට සමත් වුනා.

තරඟාවලියේ නවතම ප්‍රසාද ලකුණු සටහන පහතින්

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button