Cricket NewsDomestic CricketEXCLUSIVESchool Cricket

තර්ස්ටන් – ඉසිපතන වාර්ශික මහා ක්‍රිකට් තරගය මේ මස 24 සහ 25 යන දිනවලදී.

කොළඹ තර්ස්ටන් විදුහල සහ ඉසිපතන විදුහල විදුහල අතර පැවැත්වෙන 61 වැනි වාර්ෂික මහ ක්‍රිකට් තරගය මේ මස 24 සහ 25 යන දිනවලදී කොළඹ එස්.එස්.සී. ක්‍රීඩාංගණයේදී පැවැත්වේ. එම තරගයට සමගාමීව පැවැත්වෙන 44 වැනි වාර්ෂික එක්දින තරගය මාර්තු මස 17 වැනිදා ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය.

බ්ලැක්හැම් විජේවර්ධන අනුස්මරණ කුසලාන වෙනුවෙන් පැවැත්වෙන දෙදින තරගයේ ප්‍රධාන ආරාධිතයා ලෙස නිල්මින් නානායක්කාර මහතා සහභාගි වීමට නියමිත අතර ඩබ්ලිව්.ඒ. ද සිල්වා අනුස්මරණ කුසලාන වෙනුවෙන් පැවැත්වෙන එක්දින තරගයේ ප්‍රධාන ආරාධිතයා ලෙස අනුෂ්ක ගුණසිංහ මහතා සහභාගි වනු ඇත.

මෙවර මහ ක්‍රිකට් තරගයේදී තර්ස්ටන් විදුහල් කණ්ඩායම මෙහෙයවීමේ වගකීම ශ්‍රී ලංකා 19 න් පහළ කණ්ඩායම නියෝජනය කළ විහස් තෙව්මිකට පැවරී තිබේ. එහිදී ඉසිපතන විදුහල් කණ්ඩායම මෙහෙයවනු ලබන්නේ සිතුක ගුණවර්ධන විසිනි.

දෙවිදුහල් අතර මෙතෙක් පැවති මහ ක්‍රිකට් තරග 60 දී ජයග්‍රහණ 6 ක් අත්කර ගැනීමට තර්ස්ටන් විදුහල සමත්ව ඇති අතර ඉසිපතන විදුහල තරග 4 ක් ජයගෙන තිබේ. තරග 49 ක් ජය පැරදුමෙන් තොරව අවසන් වී ඇති අතර එක් තරගයක් අතහැර දමා තිබේ.

මීට වසර 5 කට පෙර එනම් 2019 වසරේදී සඳරු ඩයස්ගේ නායකත්වය යටතේ තර්ස්ටන් විදුහල මහ ක්‍රිකට් තරගය ජයගැනීමට සමත්ව ඇති අතර ඉසිපතන විදුහල අවසන් වරට මහ ක්‍රිකට් තරගයක් ජයගෙන ඇත්තේ මීට වසර 25 කට එනම් 1999 වසරේ පෙර ක්‍රිෂාන්ත ජයවර්ධනගේ නායකත්වය යටතේය.

තර්ස්ටන් විදුහල වෙනුවෙන් මෙවර තරගවාරයේ තරග 9 ක ඉනිම් 17 ක් තුළ අර්ධ ශතක 2 ක් සමග ලකුණු 577 ක් රැස්කිරීමට තනුජ රාජපක්ෂ සමත්ව සිටින අතර දිනාල් ඉඳුවර අර්ධ ශතක 4 ක් සමග රැස්කරගෙන සිටින ලකුණු සංඛ්‍යාව 466 කි. තර්ස්ටන් විදුහලේ පන්දු යැවීමේ බළෑණිය ශක්තිමත් කරන තනුග පලිහවඩන තරග 8 කදී කඩුලු 46 ක්ද, සෙත්රු ප්‍රනාන්දු තරග 7 කදී කඩුලු 32 ක්ද බිඳහෙළා ඇත.

ඉසිපතන විදුහල වෙනුවෙන් වැඩිම ලකුණු ලාභියා බවට පත්ව සිටින රුචිත් රොද්‍රිගූ තරග 6 ක ඉනිම් 9 කදී ශතකයක් සමග ලකුණු 305 ක් ලබා සිටින අතර කෙවින් සැමුවෙල් තරග 6 ක ඉනිම් 8 කදී ලකුණු 206 ක් ලබා ඇත්තේ අර්ධ ශතක 2 ක් සමගිනි. සිතුක ගුණවර්ධන තරග 6 කදී කඩුලු 42 ක් දවාගනිමින් ඉසිපතන විදුහලේ වැඩිම කඩුලු ලාභියා බවට පත්ව සිටියි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button