Cricket NewsEXCLUSIVESchool CricketWoman Cricket

පාසල් ක්‍රිකට් පිටියේදී දැවැන්ත හයේ පහර 29ක් සහ හතරේ පහර 49ක් සමගින් විෂ්මි ගුණරත්න පන්දු 128කදී ලකුණු 417ක් රැස් කරයි.!

වයස අවුරුදු 19න් පහළ බාලිකා අන්තර් පාසල් සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලිය යටතේ අද (21) ජයසිරිපුර කනිෂ්ඨ විදුහල සහ රත්නාවලී බාලිකා විදුහල අතර පැවැති තරඟයේදී නොදැවී ලකුණු 417 ක් රැස්කිරීමට ගම්පහ රත්නාවලී බාලිකා විදුහලේ විෂ්මි ගුණරත්න සමත් වූවා.

එහිදී පන්දු 128 කට මුහුණදුන් ඇය, හයේ පහර 29 කින් සහ හතරේ පහර 49 කින් සිය ඉනිම වර්ණවත් කළා.

විෂ්මිගේ මෙම ඉනිම මෙරට පාසල් ක්‍රිකට් තරගාවලියකදී ක්‍රීඩිකාවක් රැස්කළ ඉහළම ලකුණු සංඛ්‍යාව ලෙසද වාර්තා අතරට එක් වුනා.

මින් පෙර පාසල් ක්‍රීඩිකාවක් රැස්කළ ඉහළම ලකුණු සංඛ්‍යාවේ වාර්තාවට හිමිකම් කීවේ නොදැවී ලකුණු 374 ක් රැස්කළ නුගේගොඩ අනුලා විදුහලේ කෞෂිනී නුත්‍යංගා විසිනි.

මීගමුවේදී පැවැති මෙම තරගයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් රත්නාවලී බාලිකා විදුහල, විෂ්මිගේ අනුකම්පා විරහිත පිතිහරඹය හේතුවෙන් නියමිත පන්දුවාර 30 අවසානයේ කඩුලු 2 ක් දැවී ලකුණු 567 ක් ලබා ගත්තේය.

පළමු කඩුල්ල වෙනුවෙන් කාව්‍යා පින්සිත් (15) සමග එක්ව පන්දු 62 කදී ලකුණු 151 ක සම්බන්ධතාවක් ගොඩනැගූ විෂ්මි, ඉන් නොනැවතී දෙවැනි කඩුල්ල වෙනුවෙන් සඳලි වීරසිංහ (78) සමග එක්ව පන්දු 109 කදී ලකුණු 352 ක දැවැන්ත සම්බන්ධතාවක් ගොඩනැගීමටද සමත් වූවාය.

ජයග්‍රහණය සඳහා ලකුණු 568 ක ඉලක්කයක් හඹාගිය ජයසිරිපුර කනිෂ්ඨ විදුහලට උමායා රත්නායක (11/5) ප්‍රමුඛ රත්නාවලි පන්දු යවන්නියන්ගේ දක්ෂ පන්දු යැවීම හමුවේ පන්දුවාර 14.3 ක් අවසන් වන විට සියලු දෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 35 ක් පමණි.

තරඟයේ කෙටි ලකුණු පුවරුව

රත්නාවලි බාලිකා විදුහල – 567/2 (30)

විෂ්මි ගුණරත්න නොදැවී 417,
සඳලි වීරසිංහ 78

ජයසිරිපුර කනිෂ්ඨ විදුහල – 35/10 (14.3)

උමායා රත්නායක 11/5

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7