Cricket NewsEXCLUSIVE

මොහොමඩ් සිරාජ් එක්දින ක්‍රිකට් ඉතිහාසය අලුතින් ලියද්දී ශ්‍රී ලංකා පිතිකරුවන් සුපුරුදු රිද්මයට ! ඉන්දියාව 8 වැනි වරටත් ආසියානු කුසලානය දිනාගනී !

අද කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී 2023 ආසියානු කුසලාන තරඟාවලියේ අවසන් මහා තරඟයේදී ශ්‍රී ලංකා කණ්ඩායම ඉන්දීය කණ්ඩායම මුණ ගැසුණු අතර එහිදී ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 10 කින් පරාජය කිරීමට ඉන්දීය පිල සමත් විය.

තරඟයේ කාසියේ වාසිය දිනාගනිමින් මුලින්ම පන්දුවට පහරදෙන්නට තීරණය කල දසුන් ශානකගේ තීරණය වැරදි බව සනාත කරමින් පන්දුවාර 5 ක් නිමාවෙන්නටත් පෙර ශ්‍රී ලංකා කණ්ඩායමේ පළමු කඩුලු 5 ම දැවී ගිය අතර ශ්‍රී ලංකා කණ්ඩායමට පන්දුවාර 15 කදී සියළු දෙනා දැවී රැස් කිරීමට හැකිවූයේ ලකුණු 50 ක් පමණයි.ශ්‍රී ලංකා ක්‍රීඩා ලෝලීන්ට තරමක බලාපොරොත්තුවක් ලබාදුන් කුසල් මෙන්ඩිස් ලකුණු 17 කට දැවී ගියේය.වාර්ථාගත පන්දු යැවීමක නිරත වූ මොහොමඩ් සිරාජ් කඩුලු 6 ක් බිඳ හෙළුවේය.

ජයග්‍රහණය සඳහා ලකුණු 51ක පහසු ඉලක්කයක් හඹායන්නට පිටියට පිවිසි ඉන්දීය ක්‍රීඩකයින් එම ඉලක්කය පන්දුවාර 6 කදී කිසිවෙකු නොදැවී පසු කර ගියේය.

තරඟයේ වීරයා ලෙසින් මොහොමඩ් සිරාජ් සම්මාන දිනාගත් අතර තරඟාවලියේ වීරයා ලෙසින් කුල්දීප් යාදව් සම්මානයට පාත්‍ර විය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button