Cricket NewsEXCLUSIVEInternational

ජාත්‍යන්තර විස්සයි20 පන්දු යවන්නන් ශ්‍රේණිගත කිරීම්හි මහීෂ් තීක්ෂණ පසු කරමින් දෙවැනි ස්ථානය හිමි කර ගැනීමට ශ්‍රී ලංකා විස්සයි20 නායක වනිඳු හසරංග සමත්ව තිබේ.

ජාත්‍යන්තර විස්සයි20 පන්දු යවන්නන් ශ්‍රේණිගත කිරීම්හි මහීෂ් තීක්ෂණ පසු කරමින් දෙවැනි ස්ථානය හිමි කර ගැනීමට ශ්‍රී ලංකා විස්සයි20 නායක වනිඳු හසරංග සමත්ව තිබේ.

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය නිකුත් කළ නවතම විස්සයි20 ක්‍රිකට් ශ්‍රේණිගත කිරීම් අනුව වනිඳු දෙවැනි ස්ථානයට පත්ව ඇත්තේ ඇෆ්ගනිස්තානයට එරෙහිව පැවති විස්සයි20 මුල් තරග දෙකේදී දැක්වූ දස්කම් හේතුවෙනි. ඔහු තෙවැනි ස්ථානයේ සිට දෙවැනි ස්ථානයට පිවිසි අතර, ඒ සමඟ දෙවැනි තැන සිටි මහීෂ් තීක්ෂණ තෙවැනි ස්ථානය දක්වා එක් ස්ථානයකින් පහළට වැටිණි.

මේ තරගාවලියේ දැක්වූ දස්කම් මත ඇෆ්ගන් ක්‍රීඩක ෆසාල්හක් ෆාරුකි ස්ථාන 5ක් ඉදිරියට (8) ඒමට සමත්ව තිබේ. එංගලන්ත ක්‍රීඩක අදිල් රෂීඩ් තවමත් මෙහි පළමු තැන සිටී.

විස්සයි20 තුන් ඉරියව් ක්‍රීඩකයන් අතුරින් 9 වැනි ස්ථානයේ සිට පියවර 7ක් ඉදිරියට ඒමට සමත්ව ඇති වනිඳු හසරංග එහි ද දෙවැනි තැන හිමි කර ගෙන ඇත.

මේ අතර ඇෆ්ගන් පිලට එරෙහි එක්දින තරගාවලියේ මුල් තරග දෙකේදී දැක්වූ දස්කම් මත ස්ථාන 10ක් ඉදිරියට පැමිණි (18) පැතුම් නිශ්ශංක අවසන් තරගයේදී ශතකයක් රැස් කිරීම හේතුවෙන් තවත් ස්ථාන 7ක් ඉදිරියට ඒමට සමත්ව ඇත. ශ්‍රී ලාංකික එක්දින ක්‍රීඩකයන් අතරේ ඉදිරියෙන්ම පසු වන ඔහු මේ වන විට 11 වැනි ස්ථානයට පත්ව ඇත. පැතුම් ශ්‍රේණිගත ලකුණු 696ක් හිමි කර ගෙන ඇත්තේ සිය ශ්‍රේණිගත කිරීම්වල ඉහළම ලකුණු සංඛ්‍යාව ලෙසිනි. චරිත් අසලංක 15 වැනි තැනම රැඳී සිටී. එහි මුල් ස්ථාන 10 නොවෙනස්ම පවතින අතර, අංක එක පාකිස්තාන ක්‍රීඩක බාබර් අසාම්ට හිමිව ඇත.

එක්දින පිතිකරුවන් ශ්‍රේණිගත කිරීම්වලදී ඇෆ්ගනිස්තානයට එරෙහි දෙවැනි තරගයේදී නොදැවී ලකුණු 97ක් රැස් කිරීම හේතුවෙන් චරිත් අසලංක ස්ථාන 5ක් ඉදිරියට එමින් 15 වැනි තැන හිමි කර ගෙන ඇති අතර, ද්විත්ව ශතකයක් වාර්තා කිරීමට සමත්වීම හේතුවෙන් ස්ථාන 10ක් ඉදිරියට පැමිණි පැතුම් නිශ්ශංක 18 වැනි තැන සිටී. පන්දු යවන්නන් අතර 10 වැනි තැන සිටි මහීෂ් තීක්ෂණ 11 වැනි ස්ථාන දක්වා පහත බැස තිබේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button