Cricket NewsEXCLUSIVE

ක්‍රීඩකයන් කිහිපදෙනෙකුම ආබාධයන්ට වීම නිසා ශ්‍රී ලංකා කණ්ඩායම දැඩි අර්බුදයක.!

ඔස්ට්‍රේලියාවට එරෙහිව දැනට පැවැත්වෙන ඔස්ට්‍රේලියානු කණ්ඩායම සමඟින් පැවැත්වෙන විස්සයි විස්ස තරඟාවලිය අතර තුර ආබාධයකට ලක්වූ වේගපන්දු යවන ක්‍රීඩක නුවන් තුෂාර හට තරඟාවලියේ ඉතිරි තරඟ කිහිපය අහිමි වනු ඇති බව අභ්‍යන්තර ක්‍රිකට් ආරංචි මාර්ග වාර්තා කර සිටිනවා

අඟහරුවාදා (15) කැන්බරා හි පැවති 3 වැනි විස්සයි20 තරගය අතරතුර තුෂාරගේ උදර ප්‍රදේශය අවට ආබාධයක් ඇති වූ අතර වහාම ඔහු එම තරඟයෙන් ඉවත් විය.

වාර්තා වන අන්දමට නුවන් තුෂ්‍රගේ ආබාධයෙන් මිදීමට සති හතරක කාලයක් අවශ්‍ය වේ.

ඒ අනුව නුවන් තුෂාරට ඉන්දියාව සමඟ පැවැත්වීමට නියමිත විස්සයි20 තරගාවලියද අහිමි වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

එමෙන්ම තුන් ඉරියව් ක්‍රීඩක රමේෂ් මෙන්ඩිස් පුහුණුවීම් අතරතුර පන්දුවට පහරදෙමින් සිටියදී පන්දුවක් වැදීම හේතුවෙන් ඔහුගේ දකුණු මාපටැඟිල්ලෙ අස්ථි බිදිමකට ලක්ව ඇතැයි ද වාර්තා වේ

මේ වන විට ශ්‍රී ලංකා සංචිතයේ සිටි වේගපන්දු යවන්නන් දෙදෙනෙක් හට තරඟාවලියෙන් ඉවත් වීමට සිදුව ඇති අතර බොහෝ විට හෙට දිනයේ ශිරාන් ප්‍රනාන්දු හෝ ලහිරු කුමාර කණ්ඩායමට කැඳවීමට නියමිතය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7