Cricket NewsEXCLUSIVEIPLPremier League

ඩිකොක්, පූරන් හා පාන්ඩ්‍යා ලක්නව් සුපර් ජයන්ට්ස් වෙත ජය ලගාකර දෙයි

ලක්නව් සුපර් ජයන්ට්ස් සහ කිංග්ස් XI පන්ජාබ් කණ්ඩායම් අතර අද (30 වැනිදා) පැවැත්වෙන අයි.පී.එල්. තරගයේදී පළමුවෙන් පන්දුවට පහර දුන් ලක්නව් සුපර් ජයන්ට්ස් ක්‍රීඩකයෝ නියමිත ඕවර 20 නිමාවේදී කඩුලු 8 ක් දැවී ලකුණු 199 ක් ලබාගත්හ.

ක්වින්ටින් ඩි’කොක් (54) ලබාගත් අර්ධ ශතකයත් නිකලස් පූරන් සහ කෘනාල් පාණ්ඩ්‍යාගේ පිතිහරඹයටත් ස්තුතිවන්නට ලක්නව් ක්‍රීඩකයෝ අභියෝගාත්මක ඉලක්කයක් පන්ජාබ් පිතිකරුවන්ට යොමු කළහ. විස්සයි-20 තරගයකදී ලකුණු 200 ක ඉලක්කයක් යනු සෑම ඕවරයකදීම ලකුණු 10 ක් ලබාගැනීමේ අභියෝගයකි.

සෑම් කරන් (28/3) හොඳ පන්දු යැවීමක නිරත වූ නමුත් සෙසු පන්දු යවන්නෝ ප්‍රහාරයට ලක්වූහ.

තරගයේ තාලය වෙනස් කළේ හර්ෂාල් පතෙල් විසින් කෘනාල් පාණ්ඩ්‍යාට යවන ලද 18 වැනි ඕවරයයි. වයිඞ් පන්දු 3 ක් ඇතුළත් වූ ඕවරයෙන් කෘනාල් ලකුණු 20 ක් උදුරාගත් බැවින් 162 තිබූ ලකුණු සංඛ්‍යාව පන්දු 6 ක එහා මෙහාවෙන් ලකුණු 182 ක් විය. අවසන් ඕවර දෙකින් ලකුණු 17 ක් ලබාගැනීම අරුමයක් නොවන බැවින් පන්ජාබ් පිලේ ඉලක්කය 200 ක් විය.

නමුත් පන්ජාබයට පන්දුවාර 20 තුලදි කඩුළු පහකට ලබා ගැනීමට හැකි වූයේ ලකුණු 178ක් පමනයි. පංජාබය වෙනුවෙන් නායක ශිකර් ධවාන් ලකුණු 70ක් හා ජොනී බැරිස්ටො ලකුණු 42ක් ලබා ගත්තා.

 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7