Cricket NewsEXCLUSIVET10 League

භානුක රාජපක්ෂ අබුඩාබි T10 පිටිය ගිනියම් කරයි – Power Hitter of the Match සම්මානයත් භානුකට.!

ලොව වේගවත්ම ක්‍රිකට් තරගාවලිය ලෙස හැඳින්වෙන Abu-Dubai T10 Cricket තරඟාවලිය මේ වන විට එක්සත් අරාබි එමීර් රාජ්‍ය කේන්ද්‍ර කරගනිමින් පැවැත්වෙනවා.

අද දිනයේ දෙවන තරගය ලෙස දසුන් ශානක නායකත්වය දරන Chennai Braves කණ්ඩායම සහ Dilhi Bulls කණ්ඩායම අතර පැවති තරගයෙන් කඩුලු 5ක ජයග්‍රහණයක් අත් කර ගැනීමට Delhi bulls කණ්ඩායම සමත්වුණා.

අද තරඟයේ කාසියේ වාසිය ජයග්‍රහනය කළ delhi bulls කණ්ඩායම ප්‍රථමයෙන් පන්දුවට පහරදීම සඳහා Chennai braves පිතිකරුවන්ට ආරාධනා කර සිටියා

ඒ අනුව පිටියට පිවිසි The Chennai Braves කණ්ඩායම නියමිත පන්දුවාර 10 අවසානයේ කඩුලු 2ක් පමණක් බැවින් ලකුණු 124ක් රැස් කිරීමට සමත් වුණා.

Chennai braves වෙනුවෙන් විශිෂ්ට පිතිහරණයක් නිරතවූ භානුක රාජපක්ෂ පන්දු 31ක් තුළ වේගවත් ලකුණු 64ක් රැස්කිරීමට සමත්වුණා.

ඔහුගේ ඉනිමට දැවැන්ත හයේ පහරවල් 4ක් සමග හතරේ පහරවල් 6ක් ඇතුළත්.

Mark Deyal ලකුණු 29 ක් රැස්කිරීමට සමත්වුණා. Ravi boparaලකුණු 19 ක් රැස්කිරීමට සමත්වුණා.

පන්දු යැවීමේදී Shiraz ahmed විසින් එක් කඩුල්ලක් සහ Romario shepherd විසින් එක් කඩුල්ලක් බැගින් බිද හෙලුවා.

ඒ අනුව ලකුණු 125ක ජයග්‍රාහි ඉලක්කයක් Delhi bulls කණ්ඩායමට හිමි වුණා.

එම ජයග්‍රාහී ඉලක්කය හඹා යාමේ අරමුණින් පිටියට පිවිසි Delhi bulls පිතිකරුවන් පන්දුවාර 9කුත්ත් පන්දු 4ක් අවසානයේ ජයග්‍රාහී ලකුණු සීමාව පසුකර යෑමට සමත් වුණා.

වේගවත් ඉනිමක් දියත් කළ Dwayne bravo පන්දු 17ක් තුළ වේගවත් ලකුණු 43ක් රැස් කිරීමට සමත් වුණා.

Eoin morgan ලකුණු 26 ක් රැස් කළ අතර rahmanullah ද ලකුණු 26 ක් රැස් කිරීමට සමත් වුණා.

පන්දු යැවීමේදී Manuf Patel සහ Roman Wolfer කඩුලු 2 බැගින් බිඳ හෙළීමට සමත් වුවත් එය තරඟය ජයග්‍රහණය සඳහා ප්‍රමාණවත් වූයේ නැහැ.

තරගයේ වීරයා සම්මානය හිමිවූයේ අවශ්‍යම මොහොතේ වටිනා ඉනිමක් දියත් කළ ඩ්වේන් බ්‍රාවෝ හටයි.

කෙසේ නමුත් Dream 11 ආයතනය විසින් ම් කරන ලද තරගයේ වටිනාම ක්‍රීඩකයා බවට පත්වූයේ භානුක රාජපක්ෂයි

එමෙන්ම Power Hitter of the Match සම්මානයත් භානුක රාජපක්ෂ ට හිමි වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7