Cricket NewsEXCLUSIVEIPL

පන්දු 11ක් තුල අධිවේගී ලකුණු 34ක් රැස් කරමින් Mumbai වෙතින් ගිලිහුණු තරඟය නැවතත් Mumbai දෙසට හැරවූ Tim Davidගේ ගිණිකෙලි සැණකෙළිය.!

මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 2022 වසර සඳහා වන සංස්කරණය මේ වන විට අති උත්කර්ෂවත් අයුරින් පැවැත්වෙන අතර මේ වන විට තරඟාවලියේ අවසන් වටයට ලඟා වෙමින් තිබෙනවා.

මේ අතර අද තරගාවලියේ 69වන තරගය ලෙස Mumbai Indians සහ Delhi Capitals කණ්ඩායමත් අතර පැවති තීරණාත්මක තරඟයෙන් Mumbai Indians කණ්ඩායම කඩුලු 5කින් ජයග්‍රහණය කළා. මේ ලැබූ පරාජයත් සමග Delhi Capitals කණ්ඩායමට PLAY-OFF වටය නියෝජනය කිරීමේ අවස්ථාව අහිමිව ගිය අතර වනිඳු හසරංග නියෝජනය කරන Royal Challengers Bangalore කණ්ඩායම මේ සමගින් PLAY-OFF වටයේ සිය ස්ථානය තහවුරු කරගනු ලැබුවා.

තරඟයේ කාසියේ වාසිය ජයග්‍රහණය කළ Mumbai Indians නායකයා ප්‍රථමයෙන් පන්දුවට පහර දීමට Delhi Capitals පිතිකරුවන්ට ආරාධනා කර සිටියා,

ඒ අනුව පිටියට පිවිසි Delhi Capitals පිතිකරුවන් නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 7ක් දැවී ලකුණු 159ක් රැස් කිරීමට සමත් වුනා.

ඒ අනුව ලකුණු 160ක ජයග්‍රාහි ඉලක්කයක් හඹා යාම සඳහා පිටියට පිවිසි Mumbai Indians පිතිකරුවන් පන්දුවාර 19.1ක් අවසානයේ කඩුලු 5ක් පමණක් දැවී ලකුණු 160ක් වාර්තා කර තරඟය ජයග්‍රහණය කළා.

මේ අතර Mumbai Indians වෙනුවෙන් පිටියේ ස්ථාවර ඉනිම් දියත් කල Ishan Kishan සහ Dewald Brevis දැවී යාමත් සමග තරඟයේ පාලනය නැවතත් Delhi Capitals පන්දුයවන්නන් සිය පාලනයට ගැනීමට උත්සහ කළ අතර අනතුරුව Mumbai Indians අංක 5 පිතිකරුවා ලෙස Tim David පිටියට පිවිසියා. ඒ වන විට Mumbai Indiansකණ්ඩායමට ජයග්‍රහණය සඳහා පන්දු 33ක් තුල ලකුණු 65ක් රැස් කර ගැනීමට අවශ්‍ය වී තිබුනා.

එහිදී Tim David දැවැන්ත හයේ පහර 4ක් සහ හතරේ පහර 2ක් සමගින් පන්දු 11ක් තුල වේගවත් ලකුණු 34ක් රැස් කිරීමට සමත් වුයේ ගිලිහුණු තරඟය නැවතත් Mumbai දෙසට හරවමිනි. Tim Davidගේ එම ඉනිමේ ප්‍රහාරාත්මක වේගය සටහන් වුයේ 309.09 ලෙසයි.

Tim Davidගේ ගිනිකෙළි සැණකෙළිය පහතින් නරඹන්න

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7