Cricket NewsEXCLUSIVE

ඉන්දීය කණ්ඩායමේ ආසියානු කුසලානයේ ඉදිරිගමන මෙතැනින් අවසන් කිරීමට යොවුන් සිංහ කණ්ඩායමට හැකියාව ලැබේවිද ? – අතිශය තීරණාත්මක තරඟය අදයි.!

ආසියානු කුසලානයේ සුපිරි හතරදෙනාගේ වටයේ තීරණාත්මක තරඟයක් අද පැවැත්වීමට නියමිතයි. ශ්‍රී ලංකා කණ්ඩායමට 12 වන වරටත් ආසියානු කුසලාන අවසන් මහා තරඟයකට ඉඩ වෙන්කර ගැනීමට අද තරඟය ජයගතහොත් අවස්ථාවක් ලැබෙනවා. එමෙන්ම ඉන්දීය කණ්ඩායම අද පරාජයට පත්වුවහොත් ඔවුන්ට අවසන් මහා තරඟය කරා යෑමට ඇති හැකියාව තීරණය වීමට සෙසු කණ්ඩායම් තරඟ ජයග්‍රහණය කරන ආකාරය බලා සිටින්නට සිදුවෙනවා.

දෙපිලම තරඟයට පිවිසෙන්නේ හොඳ මානසික මට්ටමකින්. ශ්‍රී ලංකා කණ්ඩායම ආසියානු කුසලානයේ තමන් මුහුණ දුන් අවසන් තරඟ ද්විත්වයම ජයග්‍රහණය කරමින් හොඳ මානසික මට්ටමකින් පසුවනවා. එමෙන්ම ඉන්දීය කණ්ඩායම පකිස්තානය හමුවේ ලද පරාජයත් සමඟින් කණ්ඩායමේ වෙනස් කම් කිහිපයක්ද සමඟින් අද තරඟයට පිවිසෙන්නට වැඩි ඉඩකඩක් පවතිනවා.

ඔවුන්ගේ මානසික මට්ටමක යම්තාක් පහල ගොස් තිබුණත් ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහිව ඔවුන් අවසන් කාල සීමාව තුලදී දක්වන දස්කම් අතින් ඉහළ මට්ටමක සිටිනවා.

තරඟයේ කාසියේ වාසිය තීරණාත්මක සාධකයක් වනවා විශේෂයෙන්ම අද තරඟය පැවැත්වෙන ඩුබායි හිදී පැවැත් වූ අවසන් තරඟ තුනෙහිදී ලකුණු 180 ඉක්මවූ ඉනිම් පහක් ඇතුළත් වූවා. කෙසේ වෙතත්, ඒ සියල්ල රඳා පවතින්නේ අද තරඟය පැවැත්වෙන්නේ කුමන තණතීරුව මතද යන්න මත වන අතර අද සවස ක්‍රීඩාංගණය අවර උෂ්ණත්වය සෙල්සියස් අංශක 35 ක් පමණ වන බවට ගණන් බලා ඇති අතර රාත්‍රී කාලයද එතරම් සිසිල් නොවනු ඇත. ඒ හේතුවෙන් එය ලකුණු හඹා යාමේදී බාධාවන පින්න ඇති වීම අවම කරනු ඇත.

ඉන්දීය මුල් පෙල පිතිකරුවන් හතර දෙනාගේ වෙනසක් සිදු නොවනු ඇත. අද තරඟයේදී වෙනස් කම් එකක් හෝ දෙකක් සමඟින් ඉන්දීය කණ්ඩායම පිවිසෙනු ඇති අතර යලිත් දිනේශ් කාර්තික් කණ්ඩායමට පැමිණීමේ සම්භාවිතාවය ඉහල බවයි ඉන්දීය ක්‍රිකට් ආරංචි මාර්ග සඳහන් කර තිබුණේ.

යොවුන් ක්‍රීඩක ඩිල්ශාන් මධුශංකට මෙම තරඟයේදී තීරණාත්මක කාර්‍යභාරයක් කිරීමට සිදුවනු ඇත. ඊට හේතුව ඉන්දීය ආරම්භක පිතිකරුවන් දෙදෙනා වන ලෝකේෂ් රාහුල් හා නායක රෝහිත් ශර්මා වමත් වේගපන්දු යවන්නන් ඉදිරියේ දක්වන දුර්වල පිතිකරණය. විශේෂයෙන්ම ICC ඉසව් තුලදී ඔවුන් ඒ බව පෙන්නුම් කර තිබෙනවා.

2017 ශූරයින්ගේ කුසලානය හා 2021 විස්සයි විස්ස ලෝක කුසලානයේදී එය කැපී පෙනුණි.එමෙන්ම ඔවුන් දෙදෙනා මෙම තරඟාවලියේදී දඟ පන්දු යවනන් ඉදිරියේ අනෙකුත් අවස්ථාවන් හිදී මෙන් සාර්ථක වී නොතිබීමයි. විශේෂයෙන්ම ලෝකේෂ් රාහුල් හොංකොං තරඟයේ සිටම දඟපන්දු යවනන් ඉදිරියේ සාර්ථක නොවීම පළමු පන්දුවාර 6 තුලදී මහීෂ් තීක්ෂණට වැඩි වාසි අත්කරගැනීමට හැකියාව තවත් පුළුල් කර දීමට පුලුවන්.

අද තරඟයට යම් හෙයකින් ධනංජයද සිල්වා එක්වුවහොත් ශ්‍රී ලංකා කණ්ඩායමට ඔහුව හයවැනි පන්දු යවන්නා වශයෙන් භාවිත කිරීමට හැකියාවක් තිබෙනවා. ප්‍රධාන පන්දු යවන්නන් පස් දෙනා මත රඳාපැවතීම ඉන්දියාව වැනි කණ්ඩායම් ඉදිරියේ අපහසු බව ඔවුන් මීට පෙර පෙන්නුම් කර තිබෙනවා.එමෙන්ම විරාට් ගේ හා සූර්‍යකුමාර් ලකුණු අතරට පිවිසීම වලක්වා ගත යුතුයි සූර්‍ය කුමාර් අවසන් වරට ශ්‍රී ලංකාවට එරෙහිව අතිශය සාර්ථක විය.

මේ දිනවල ශ්‍රී ලංකා පිතිකරුවන් අගනා රිද්මයක සිටීම ශ්‍රී ලංකාව දෙසින් බලන කල ධනාත්ම කරුණක්. ජැස්ප්‍රිට් බුම්‍රා නොමැති වීම හා යුස්වේන්ද්‍ර චාහල්ද පෙර මෙන් හොඳ රිද්මයක නොවීම ශ්‍රී ලංකා කණ්ඩායමට අතිරේක වාසියක් වනවා. ඔවුන්ගේ අත්දැකීම් බහුලතම වේගපන්දු යවන්නනා වන බුවනේශ්වර් කුමාර්ගේ සහයට ජාත්‍යන්තර පිටියේ අත්දැකීම් අඩු වේගපන්දු යවන්නන් එක්ව තිබෙනවා.කෙසේ නමුත් ඔවුන් IPL හි සුපිරි දස්කම් දක්වා විස්සයි විස්ස තරඟ තුල හොඳ අත්දැකීම් සහිත වේගපන්දු යවනන් වීම හේතුවෙන් ඔවුන්ව අවතක්සේරුවට ලක් කිරීම සිදු නොකල දෙයක්.

කෙසේ නමුත් ශ්‍රී ලංකා පිතිකරුවන් මත අද තරඟය තීරණය වේවි හඹා යා හැකි ලකුණු පුවරුවක් නිර්මාණය කරදීමට ශ්‍රී ලංකා පන්දු යවනන් හට වගබලාගැනීමට සිදුවනු ඇත. කුසල් මෙන්ඩිස් මින් පෙරදී ආරම්භක පිතිකරුවෙකු ලෙසින් ඉන්දියාවට එරෙහිව අර්ධ ශතකයක් වාර්ථා කරගෙන ඇති අතර නිස්සංක හා මෙන්ඩිස් දෙදෙනාගේ කාර්‍ය අද විශේෂවනවා.

ඉන්දීය පන්දු යවනන්ට එරෙහිව සාර්ථක අන්දමින් පළමු පන්දුවාර 5 තුලදී වේගවත් ආරම්භයක් නිසැක වශයෙන් ලබාගත යුතු වනවා. එමෙන්ම නොම්මර තුන හා හතර පිතිකරුවන් දෙදෙනා ඉන්දීය දඟපන්දු යවනන් ඉදිරියේ පෙන්නුම් කරනු ලබන ක්‍රීඩා විලාශය තරඟයේ තීරණයට සෘජුව බලපානු ඇත.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7