Cricket NewsEXCLUSIVEInternational

සනත්ගේ වාර්තාව බිඳ දැමූ පැතුම්ට රුපියල් මිලියන ගණනක මුදල් ත්‍යාගයක් ලබා දීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සූදානම් වෙයි.

එක්දින ජාත්‍යන්තර තරගයකදී ද්විත්ව ශතකයක් වාර්තා කළ පළමු ශ්‍රී ලංකා පිතිකරු ලෙස ඉතිහාසයට එක්වූ පැතුම් නිශ්ශංකට රුපියල් මිලියන ගණනක මුදල් ත්‍යාගයක් ලබා දීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සූදානම් වෙයි. පෙරේදා පැවති ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක සභා රැස්වීමේදී පැතුම් නිශ්ශංකට දිරි දීමනාවක් ලෙස විශාල මුදල් ත්‍යාගයක් ලබා දිය යුතු බවට යෝජනාවක් සම්මත වී තිබේ. එම තෑගි මුදල කොපමණද යන්න අද හෙටම ප්‍රකාශයට පත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සූදානම් වේ.

වසර 2000දී සනත් ජයසූරිය සාජා පිටියේදී ඉන්දියාවට එරෙහිව ලකුණු 189ක් ලබා පිහිටුවා තිබූ එක්දින වැඩිම ලකුණු වාර්තාව මකා දමමින් පැතුම් නිශ්ශංක පන්දු 139කදී හයේ පහර 8ක් හා හතරේ පහර 20ක් සමඟ නොදැවී ලකුණු 210ක් ලබා ගැනීමට සමත් විය. ලෝක එක්දින පිටියේ මෙවැනි දක්ෂතාවක් දැක්වූ 7 වැනි පිතිකරු ලෙස පැතුම්ගේ නාමය ක්‍රිකට් වාර්තා පොතේ සටහන් විය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
21
+1
2
+1
5
+1
1
+1
3
+1
2

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button