Cricket NewsEXCLUSIVE

මතීශ පතිරණ හා නසීම් ශා ප්‍රමුඛ Colombo strikers යොවුන් පන්දු බලඇණිය හමුවේ B-Love Kandy කණ්ඩායමට අනපේක්ෂිත පරාජයක් !

මෙවර LPL තරඟාවලියේ තෙවැනි තරඟය ඊයේ Colombo Strikers හා B love Kandy අතර පැවැත්වුණු අතර එම තරඟය ලකුණු 27 කින් ජයගන්නට Colombo Strikers කණ්ඩායම සමත් විය.

තරඟයේ කාසියේ වාසිය දිනාගනිමින් මුලින්ම පන්දුවට පහර දුන් Colombo strikers කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේදී ලකුණු 157 ක් රැස් කිරීමට සමත් විය.ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ බාබර් අසාම් ලකුණු 59 ක් රැස් කල අතර නුවනිඳු ප්‍රනාන්දු ලකුණු 28 ක් රැස් කලේය.පන්දු යැවීමේදී B love Kandy වෙනුවෙන් ඉසුරු උදාන කඩුලු 3 ක් බිඳ හෙළුවේය.

ජයග්‍රහණය සඳහා ලකුණු 158 ක ඉලක්කයක් හඹා යන්නට පිටියට පිවිසි B Love Kandy කණ්ඩායමට පන්දුවාර 20 අවසානයේදී කඩුලු 8 දැවී රැස් කිරීමට හැකි වූයෙ ලකුණු 130 ක් පමණයි.ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 25 ක් රැස් කල අතර සෙසු එකදු පිතිකරුවෙකු හෝ ලකුණු 20 සීමාව පසු කරයන්නට අපොහොසත් විය.

සාර්ථක පන්දු යැවීමක නිරත වෙමින් මතීශ පතිරණ කඩුලු 3 ක් දවාගද්දී නසීම් ශා කඩුලු 2 ක් බිඳ හෙලීය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button