Cricket NewsEXCLUSIVEIPL

අසාර්ථක වූ මුල් පෙළ ශක්තිමත් කිරීමට භානුක රාජපක්ෂව නැවතත් Punjab Kings කණ්ඩායමට කැඳවයි.!

ක්‍රිකට් ලෝකයේ ඉහළම වාණිජ වටිනාකමක් දරන තරගාවලිය ලෙසින් සැලකෙන ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 2022 වසර සඳහා වන සංස්කරණය අති උත්කර්ෂවත් අයුරින් පසුගිය දා ආරම්භ වූයේ ශ්‍රී ලංකා සුපිරි ක්‍රිකට් තරු රැසකගේද සහභාගීත්වයෙනි

මේ අතර අද තරගාවලියේ 38වන තරගය ලෙස භානුක රාජපක්ෂ ක්‍රීඩා කරන Punjab Kings සහ මහිෂ් තීක්ෂණ සහ මතිෂ පතිරණ ක්‍රීඩා කරන Chennai Super Kings කණ්ඩායමත් අතර තරඟය ආරම්භ වුවා.

අද තරඟයේ කාසියේ වාසිය ජයග්‍රහණය කළ Chennai Super Kings නායකයා ප්‍රථමයෙන් පන්දුවට පහර දීම සඳහා Punjab Kings කණ්ඩායමට ආරාධනා කර සිටියා.

Punjab Kings සහබාගි වූ මුල් තරඟ දෙකෙහිදීම Punjab Kings වෙනුවෙන් සටන්කාමී ඉනිම් දියත් කිරීමට ශ්‍රී ලංකා ප්‍රහාරාත්මක පිතිකරු භානුක රාජපක්ෂ සමත් වුනා. තෙවැනි තරඟයේදී ඔහු දුවද්දී දැවී යාමකට හසු වුනා.

අනතුරුව පැවති සියලුම තරඟය වලට භානුකගේ ස්ථානයට Jonny Bairstow ක්‍රීඩා කිරීමට පැමිණියත් ඔහුට සාර්ථක වීමට අවස්ථාවක් ලැබුනේ නැහැ. ඔහු රැස් කල ඉහලම ලකුණු ගණන වුයේ ලකුණු 12. ඔහුට ලබා දුන් අවස්ථා 4දීම ඔහු අසාර්ථක වීම හේතුවෙන් අද තරඟයට භානුක රාජපක්ෂව නැවතත් සංචිතයට කැඳවා තිබෙනවා.

කෙසේ නමුත් අද තරඟයට Jonny Baristow ද ක්‍රිඩා කරනු ලබනවා.

Punjab Kings කණ්ඩායම මේ වන විට තරඟ 7කට සහබාගි වී ඉන් තරඟ 3ක් ජය ගෙන ප්‍රසාද ලකුණු සටහනේ 8වන ස්ථානයේ පසුවනවා.

අද තරගයට ක්‍රීඩා කරන සංචිත පහතින්

Punjab Kings –

Mayank Agarwal(C), Shikhar Dhawan, Jonny Bairstow, Liam Livingstone, Jitesh Sharma, Bhanuka Rajapaksa, Rishi Dhawan, Kagiso Rabada, Rahul Chahar, Sandeep Sharma, Arshdeep Singh

Chennai Super Kings –

Ruturaj Gaikwad, Robin Uthappa, Mitchell Santner, Shivam Dube, Ambati Rayudu, MS Dhoni, Ravindra Jadeja, Dwayne Bravo, Dwaine Pretorius, Maheesh Theekshana, Mukesh Choudhary

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button