Cricket NewsEXCLUSIVE

LPL හි සුපිරි දස්කම් දැක්වූ තරුණ ක්‍රීඩකයන් රැසකට අවස්ථාව දෙමින් ශ්‍රී ලංකා සංචිතය නම් කෙරේ.!

සිම්බාබ්වේ කණ්ඩායමේ ශ්‍රී ලංකා තරඟ සංචාරය ආරම්භ කරමින් පැවැත්වෙන තරග තුනකින් සමන්විත එක්දින තරගාවලිය සඳහා සහභාගී වන ශ්‍රී ලංකා සංචිතය අද (13) නිල වශයෙන් මාධ්‍යයට නිකුත් කෙරුණා.

ක්‍රීඩකයින් 17 දෙනෙකුගෙන් යුත් මේ සංචිතයේ නායකත්වය සුපුරුදු පරිදි දසුන් ශානක වෙත ලබා දී තිබෙනවා.

උප නායක ධනංජය ද සිල්වා පිය පදවිය ලබා ගැනීම නිසාවෙන් මේ තරගාවලියට සහභාගී නොවන අතර ඔහු වෙනුවට කමිඳු මෙන්ඩිස් සංචිතයට කැඳවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව පියවර ගෙන තිබෙනවා.

මීට අමතරව සිම්බාබ්වේ තරගාවලියට එරෙහිව තරග වදින ශ්‍රී ලංකා සංචිතය සඳහා නම් කිරීමට සිටි අවිශ්ක ප්‍රනාන්දු සහ ජනිත් ලියනගේ සහ කමිල් මිශාර හට කොරෝනා වයිරසය ආසාදනය වී මේ වන විට නිරෝධායනයට යොමු කර තිබෙනවා.

නිරෝධායනයට ලක්වුණු ක්‍රීඩකයින් හැර ලහිරු කුමාර සහ කලන පෙරේරා යන ක්‍රීඩකයින් ශාරීරික යෝග්‍යතා පරීක්ෂණය අසමත් වී තිබෙන නිසා ශිරාන් ප්‍රනාන්දු සහ නුවන් ප්‍රදීප් වේගපන්දු යවන්නන් ලෙස සංචිතය සඳහා ඇතුළත් කර තිබෙනවා.

මේ සංචිතය සඳහා නිත්‍ය පිතිකරුවන් 6 දෙනෙක් සහ තුන් ඉරියව් ක්‍රීඩකයින් 3 දෙනෙක් ඇතුළත් වෙනවා.

ඊට අමතරව දඟපන්දු යවන ක්‍රීඩකයින් 3 දෙනෙක් සහ වේගපන්දු යවන ක්‍රීඩකයින් 5 දෙනෙක් ද මේ සංචිතයට ඇතුළත්.

කොරෝනා වයිරසයේ බලපෑම සහ ශාරීරික යෝග්‍යතා ගැටලු නිසාවෙන් ප්‍රධාන ක්‍රීඩකයින් කිහිප දෙනෙක් මේ සංචිතය සඳහා ඇතුළත් වී නොමැති පසුබිමක චාමික ගුණසේකර, නුවන් තුෂාර වැනි නවක ක්‍රීඩකයින් කිහිප දෙනෙක් පළමු වරට ශ්‍රී ලංකා සංචිතයට කැඳවා තිබෙනවා.

එසේම 2019 ලෝක කුසලාන සංචිතයේ සිටි ජෙෆ්රි වැන්ඩර්සේ වසර දෙකකට වැඩි කාලයකට පසුව නැවතත් ශ්‍රී ලංකා සංචිතයට වරම් දිනා ගෙන තිබෙන අතර ඔහු අවසන් වරට පැවති අන්තර් සමාජ ක්‍රිකට් තරගාවලියේ දී ඉතාමත් හොඳ දස්කම් අතරට පැමිණියා.

මහනුවර පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දියළු තරඟ පැවැත්වෙන තරග කාලසටහන පහතින්

පළමු එක්දින තරගය – ජනවාරි 16
දෙවැනි එක්දින තරගය – ජනවාරි 18
තෙවැනි එක්දින තරගය – ජනවාරි 21

සිම්බාබ්වේ තරගාවලිය සඳහා නම් කළ ශ්‍රී ලංකා සංචිතය –

දසුන් ශානක (නායක), දිනේෂ් චන්දිමාල්, පැතුම් නිස්සංක, චරිත් අසලංක, මිනෝද් භානුක, කුසල් මෙන්ඩිස්, චාමික කරුණාරත්න, කමිඳු මෙන්ඩිස්, මහීෂ් තීක්ෂණ, ජෙෆ්රි වැන්ඩසේ, නුවන් ප්‍රදීප්, නුවන් තුෂාර, රමේෂ් මෙන්ඩිස්, ප්‍රවීන් ජයවික්‍රම, චාමික ගුණසේකර, දුෂ්මන්ත චමීර, ශිරාන් ප්‍රනාන්දු

අතිරේක ක්‍රීඩකයින්: අශේන් බණ්ඩාර, පුලින තරංග, නිමේෂ් විමුක්ති, අශේන් ඩැනියල්, අසිත ප්‍රනාන්දු, විශ්ව ප්‍රනාන්දු

 

 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7