Cricket NewsEXCLUSIVEWoman Cricket

ශ්‍රී ලංකාව 2022 කාන්තා ලෝක කුසලානයෙන් නිළ වශයෙන් ඉවතට – වසර 25කට පසුව ශ්‍රී ලංකාව නොමැති ලෝක කුසලානයක්.!

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට එළඹෙන 2022 වසරේ නවසීලන්තයේ සත්කාරකත්වයෙන් පැවැත්වෙන කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියයට සුදුසුකම් ලබාගැනීමට නොහැකි වී තිබෙනවා.

මීට සුළු මොහොතකට පෙර අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය නිල වශයෙන් මේ පිළිබඳව දැනුම් දුන් අතර ඒ අනුව සුදුසුකම් ලබා ගැනීමට තිබු රටවල් අතරින් එළඹෙන ලෝක කුසලානය සදහා පාකිස්තානය, බංග්ලාදේශය සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම් සුදුසුකම් ලැබීමට සමත්ව සිටිනවා.

එමෙන්ම පවතින කොරෝනා වසංගත තත්වය හේතුවෙන් සහ ක්‍රීඩිකාවන් රැසකටම අසාධනය වීම හේතුවෙන් සිම්බාබ්වේ පැවති ලෝක කුසලාන සුදුසුකම් ලැබිමෙ වටයේ සියලු තරග අවලංගු කිරීමට ද අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයපියවර ගෙන තිබෙනවා.

මෙතෙක් පැවති ලකුණු සටහන් අනුව පෙරමුණේ සිටි කණ්ඩායම් වලට ලබන වසරේ කාන්තා ලෝක කුසලානය සදහා තේරී පත්වු බව ඒ අනුව අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය නිල වශයෙන් දැනුම් දුන් අතර ඒ අනුව ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණේ සිටි පාකිස්තානය , බංග්ලාදේශය හා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම් 2022 කාන්තා ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලබාගැනීමට සමත්ව තිබෙනවා.

කෙසේ නමුත් 1997 වසරෙන් පසුව පැවති සෑම කාන්ත ක්‍රිකට් ලෝක කුසලාන තරඟවලියකටම ශ්‍රී ලංකා කණ්ඩායමක් ක්‍රීඩා කර ඇති අතර වසර 25කට පසුව ලබන වසරේ ශ්‍රී ලංකා කණ්ඩායමක් ක්‍රීඩා නොකරන ලෝක කුසලාන තරඟාවලියක් ඒ අනුව පැවැත්වෙනවා ඇත.

අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය විසින් සිදු කල එම විශේෂ නිවේදනය කියවීම සඳහා Click කරන්න – https://www.icc-cricket.com/news/2372416

 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7