Cricket NewsEXCLUSIVEInternational

“ඇයි ඔච්චර ත්‍යාගශීලීකමක්” හිටපු ඉන්දීය ක්‍රීඩක වෙන්කටේෂ් ප්‍රසාද් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් ප්‍රශ්න කරයි.

ආසියානු ක්‍රිකට් කවුන්සිලය විසින් ඉන්දියා-පාකිස්තාන සුපර් 4 තරගය සහ අවසන් තරගය සඳහා සංචිත දිනයක් එක් කිරීමත් සමඟ බංග්ලාදේශය සහ ශ්‍රී ලංකාව ද සහභාගී වන අනෙකුත් ඉතිරි තරඟ කිසිවක් සඳහා මෙම තීරණය නොගැනීම පුළුල් විවේචනයට ලක් විය.

සෙනසුරාදා පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා-බංග්ලාදේශ තරගය ද වර්ෂාව හේතුවෙන් තර්ජනයට ලක්ව ඇති හෙයින්, දෙරටේ පුහුණුකරුවන් දෙපිරිස මෙම කාරනාව පිළිබඳව ඔවුන්ගේ අදහස් ඉදිරිපත් කර ඇත. “මම මුලින්ම ඇහුවම පුදුම වුණේ නැහැ,” ශ්‍රී ලංකා පුහුණුකරු ක්‍රිස් සිල්වර්වුඩ් පැවසුවේ ක්‍රීඩා කොන්දේසි වෙනස් කිරීමට ACC ගත් තීරණය ගැන ය.

බංගලාදේෂ පුහුණුකරු වන චන්දික හතුරුසිංහ පැවසුවේ එම තීරණය පරමාදර්ශී නොවන අතර ඔවුන්ද අමතර දවසක් ලබා ගෙන තරගය පැවැත්වීමට කැමති බවයි. කෙසේ වෙතත්, බංග්ලාදේශ ක්‍රිකට් මණ්ඩලය (BCB) පසුව ප්‍රකාශ කළේ මෙම තීරණය “සහභාගී වන කණ්ඩායම් හතරේ සහ ACC හි එකඟතාවයෙන් ගත්” බවයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලය ද ප්‍රකාශ කළේ සහභාගී වන කණ්ඩායම් හතරේම එකඟතාවය මත මෙම තීරණය ගත් බවයි.

හිටපු ඉන්දීය වේග පන්දු යවන ක්‍රීඩක වෙන්කටේෂ් ප්‍රසාද් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ තීරණය සම්බන්ධයෙන් ප්‍රශ්න කර තිබුණා.

“ඔබගේම තරග සඳහා දිනයක් වෙන් කර නොමැති විට, මෙම අසාධාරණ ඉල්ලීමට එකඟ වීමට ඇති වූ පීඩනය කුමක්ද? ඔබේම කණ්ඩායමට සුදුසුකම් ලැබීමට අවස්ථාවක් වැය වුවද ඉන්දියාව හා පකිස්තානය අතර තරගය වර්ශාව බාධාවක් නොවි වෙනත් දිනයක පැවැත්වීමට හැකි බව සහතික කිරීමට මෙතරම් ත්‍යාගශීලී වන්නේ ඇයි? එසේ කිරීමට ඇති චේතනාව සහ හේතුව කරුණාකර ඔබට පැහැදිලි කළ හැකිද?” යනුවෙන් ඔහු ට්වීට් කර තිබුනි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
1
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button