Cricket NewsEXCLUSIVEILT20

Gulf Giants ලැබූ ජයග්‍රහණයත් සමග දසුන් ශානක, Sikandar Raza ක්‍රීඩා කරන Dubai Capitals කණ්ඩායම PLAY-OFF වටයට.!

ලොව ප්‍රබල ක්‍රිකට් තරු පිරිවරා එක්සත් අරාබි එමීර් රාජ්යේදී පළමු වරට පැවැත්වෙන “International T20 League” (UAE ILT20 2023) තරඟාවලියේ මුලික වටයේ අවසන් තරඟය ලෙස Sharjah Warriors කණ්ඩායම සහ Gulf Giants කණ්ඩායම අතර පැවති තරඟයෙන් කඩුලු 7ක ජයක් වාර්තා කිරීමට Gulf Giants කණ්ඩායම සමත් වුනා.

Gulf Giants කණ්ඩායම මෙම ලැබූ ජයග්‍රහණයත් සමග දසුන් ශානක, Sikandar Raza ක්‍රීඩා කරන Dubai Capitals කණ්ඩායම මෙවර තරඟාවලියේ PLAY-OFF වටයට සුදුසුකම් ලබා ගැනීමට සමත් වුනා.

තරඟායේ කාසියේ වාසිය දිනාගත් Gulf Giants නායකයා ප්‍රථමයෙන් පන්දුව ටපහර දීම සඳහා Sharjah Warriors කණ්ඩායමට ආරාධනා කර සිටියා.

එ අනුව පන්දුවට පහර දුන් Sharjah Warriors කණ්ඩායම පන්දුවාර 18.3ක් අවසානයේ සියලු දෙනා දැවී ලකුණු 107ක් රැස් කිරීමට සමත් වුණා.

Sharjah Warriors වෙනුවෙන් Tom Kohler-Cadmore පන්දු 19කදී ලකුණු 32ක් වාර්තා කිරීමට සමත් වුනා. Mohammad Nabi ලකුණු 21ක් රැස් කළ අතර Marcus Stoinis ලකුණු 17ක් රැස්කිරීමට සමත්වුණා.

පන්දු යැවීමේදී විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ David Wiese කඩුලු 5ක් බිඳ හෙලීමට සමත් වූනා.

ඒ අනුව ලකුණු 108ක ජයග්‍රාහි ඉලක්කයක් හඹා යාම සඳහා පිටියට පිවිසි Gulf Giants පිතිකරුවන් පන්දුවාර 16.3ක් අවසානයේ කඩුලු 3ක් පමණක් දැවී ලකුණු 108ක් වාර්තා කර තරඟය ජයග්‍රහණය කළා.

Colin de Grandhomme ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ Colin de Grandhomme පන්දු 28ක් තුල වෙගවත් ලකුණු 35ක් රැස් කල අතර James Vince ලකුණු 27 ක් රැස් කළා.

 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button