Cricket NewsEXCLUSIVEInternational

ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ඉතිහාසයේ පළමු විස්සයි-20 ලෝක කුසලානය දක්වා ඔස්ට්‍රේලියාව මෙහෙය වූ නායක Aaron Finch සියලුම ආකාරයෙන් ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවට සමු දෙයි.!

ඕස්ට්‍රේලියාවේ හිටපු ක්‍රිකට් නායක ආරොන් ෆින්ච් සියලුම ආකාරයේ ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගැනීමට තීරණය කර තිබෙනවා. පසුගිය වසරේදී ෆින්ච් එක්දින තරගවලින් ඉවත්වීමට මිට පෙර කටයුතු කළා.

2024 වසරේ පැවැත්වෙන පන්දුවාර විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය තෙක් තමන්ට ක්‍රීඩා කිරීමට නොහැකි බැවින් කණ්ඩායමට සැලසුම් සකස් කර ගැනීම සදහා තමාට ඉවත් වීමට සුදුසු අවස්ථාව මෙය බව ෆින්ච් මෙම සමුගැනීම පිළිබඳව විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් පවසා සිටිනවා.

2021 විස්සයි-20 ලෝක ශුරතාවය කරා ඔස්ට්‍රේලියාව මෙහෙයවූ නායකයා වන අරොන් ෆින්ච්, ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ඉතිහාසයේ හිමි වූ පළමු විස්සයි-20 ලෝක කුසලානය ඔස්ට්‍රේලියාවට හිමි කර දුන් නායකයා ද වනවා. මේ වන විටත් පන්දුවාර විස්සයි-20 තරඟ ආකෘතියේ අරොන් ෆින්ච් ලකුණු 34.28ක ලකුණු ලබාගැනීමේ සාමාන්‍යයක් රඳවාගෙන සිටි අයෙකි.

මේ වන විට ආරොන් ෆින්ච් වසර 12ක් පුරා ඔස්ට්‍රේලියානු කණ්ඩායම නියෝජනය කර තිබෙන අතර පසුගිය වසරේ පැවති ශ්‍රී ලංකා තරඟ සංචාරය සඳහා ද ඕස්ට්‍රේලියානු කණ්ඩායම මෙහෙවනු ලැබුවේ ආරොන් ෆින්ච් විසිනි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7