Cricket KnowledgeCricket NewsEXCLUSIVEInternational

නුවන් සොයිසා චමින්ද වාස් පරපුරේ මීළඟ පුරුක … ඩිල්ශාන් මධුශංක

දේශීය පිටියේ සංවිධානය වූ වර්ණ සංග්‍රාමයේ හොඳම සොයාගැනීම යොවුන් ක්‍රීඩක ඩිල්ශාන් මධුශංක බව අවිවාධයෙන්ම කියන්නට පුළුවනි.එම තරඟාවලියේ හොඳ රිද්මයක සිටීම හා පන්දු යවන්නෙකු වශයෙන් ඔහු දැක්වූ දක්ෂතා මධුශංකගේ ජාතික කණ්ඩායම වෙත පැමිණීම වේගවත් කරලූවා.විශේෂයෙන්ම ශ්‍රී ලංකා සීමිත පන්දුවාර කණ්ඩායම කලකපටන් විශාල හිසරදයකින් පෙලෙමින් සිටි බව නොරසක්.අත්දැකීම් සමඟින් පරිපූර්ණ වේගපන්දු යවන්නෙකු බවට පත්ව සිටින දුශ්මන්ත චමීරගේ සහයට නිසි වේගපන්දු යවන්නෙකු නොසිටීම ඊට ප්‍රධානතම හේතුව වූවා.

චමීරගේ වළලු කර ආශ්‍රිතව ඇති වූ ආබාධය ආසියානු කුසලානය සඳහා එක්වන ශ්‍රී ලංකා සංචිතය තුල විශාල හිඩැසක් නිර්මාණය කරන්න්ට හේතුවක් විය.ඒ හේතුවෙන් ජාත්‍යන්තර වරම් නොලද වේගපන්දු යවනන්නන් සිව්දෙනෙකු මත යැපෙන්නට ශ්‍රී ලංකා කණ්ඩායමට සිදු විය.ඒ හේතුවෙන් ආරම්භක තරඟයේදී යොවුන් ක්‍රීඩක මතීශ පතිරණට හා ඩිල්ශාන් මධුශංක සමඟින් ශ්‍රී ලංකා කණ්ඩායම පළමු තරඟයට පිවිසියේය.

පළමු තරඟයේදී ශ්‍රී ලංකා කණ්ඩායම ඇෆ්ගනිස්තානය හමුවේ අවමන් සහගත පරාජයක පහස විඳ දරාගද්දී ඩිල්ශාන් මධුශංක එක් පන්දුවාරයක් පමණක් ක්‍රියාත්මක කරමින් තම කෝටාව තුලදී ලකුණු 10 ක් ලබාදී තිබුණා.බංග්ලාදේශයට එරෙහිව මූලික වටයේ පැවැති තීරණාත්මක තරඟයේදීද ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධානතම වේගපන්දු යවන්නා වූයේ ඩිල්ශාන් එහිදී ඩිල්ශාන් පළමු තරඟයට වඩා හොඳ පාලයනක් හා එල්ලයක් සහිතව පන්දු යැවූ අතර ලකුණු 26 කට එක් කඩුල්ලක් බිඳ දැමීය.විශේෂත්වය නම් ඔහු ඕනෑම වේලාවක පන්දු යැවීම සඳහා හැඩගැසෙන ආකාරය සෙසු යොවුන් වේගපන්දු යවන්නන්ට වඩා හොඳ මට්ටකම තිබීමයි.ඒ හේතුවෙන් ඔහුට පළමු පවර්ප්ලේ අවස්ථාව තුලදී මෙන්ම අවසන් පන්දුවාර කිහිපයේදීද සාර්ථක වන්නට හැකි විය.ඉන් අනතුරුව සුපිරි හතර දෙනාගේ වටයේ පළමු තරඟයේදී ඇෆ්ගනිස්තානට එරෙහිව කඩුලු දෙකක් තම කඩුලු මල්ලට බැර කරගන්නර සමත් වූ ඩිල්ශාන්ගේ හොඳම තරඟය ප්‍රභල ඉන්දීය කණ්ඩායමට ආසියානු කුසලානයේ ගමන් මග අහිමි කරවූ තරඟය වූවාට සැකයක් නැත.එදා මෙදා තුර ක්‍රිකට් පිටියේ බිහිවූ විශිෂ්ඨතම පිතිකරුවෙකු ලෙසින් සැලකෙන ඉන්දීය පිතිකරු විරාට් කෝලි,දීපක් හූඩා හා රිශාබ් පාන්ට්ගේ කඩුලු ඩිල්ශාන් තම කඩුලු මල්ලට දමා ගත්තේය.සුපිරි. හතරදෙනාගේ වටයේ අවසන් තරඟයේදී පකිස්තානු කණ්ඩායමට එරෙහිවද සාර්ථක පන්දු යැවීමක නිරත වන්නට ඔහුට හැකි විය.අවසන් මහා තරඟයේදීද තම පන්දුවාර තුනක් ක්‍රියාත්මක කල නමුත් එය තුලදීද සාර්ථක වන්නට ඔහුට හැකියාව ලැබුණි.

ඔහු තවමත් ගතකරමින් සිටින්නේ තම ජාත්‍යන්තර ක්‍රිකට් දිවියේ මුල් දින කිහිපය ය.ආසියානු කුසලානය වැන්නකට අඩු අත්දැකීම් සමගින් පිවිසෙන ඔහුට ඉනිමේ ඕනෑම වෙලාවක පන්දු යැවීමට හැඩ ගැසිය හැකි හැකියාව තිබීම කැපී පෙනෙන කරුණක් වුවා.දෝලනය වේගය එල්ලය පමණක් නොව ඉනිමේ අගබාගයේදී භාවිත කල හැකි පන්දු සංකලනයන්ගේ එකතුවක් ද ඔහු සතු විය.විශේෂයෙන්ම ඔහු දවාගත් රිශාබ් පාන්ට් ගේ හා ඊබ්‍රාහිම් සද්‍රාන්ගේ කඩුලු වේගය අඩාල කල පන්දු වලින් ඔහු ලබාගත් කඩුලු වූවා.එමෙන්ම විරාට් කෝලි හස්රටුල්ලා සසායි ගේ කඩුල්ල නව පන්දුවෙන් ඔහු නිර්මාණය කරන දෝලනය හේතුවෙන් ලබාගත් කඩුලු වූවා.ඩිල්ශාන් යනු මේ දක්වා සාර්ථක ආරම්භයක් තම වෘත්තිමය ක්‍රිකට් දිවියට ලබාගත් අයෙකි.

ශ්‍රී ලංකා කණ්ඩායම සතුව වමත් වේගපන්දු යවන්නන් සිටියේ අතේ ඇඟිලි ගණනටත් අඩු සංඛ්‍යාවකි.ඔවුන් අතරිනුත් ජාත්‍යන්තර ක්‍රිකට් දිවිය විශාල කාලයක් බවට පත් කරගැනීමට අපොහසත්වූ ක්‍රීඩකයින් විශාල ගණනක් විය.තිළිණ තුශාර මිරැන්ඩෝ,චානක වෙලගෙදර වැනි ක්‍රීඩකයින් ජාත්‍යන්තරය තුලදී දැකගන්නට ලැබුණේ සීමිත කාල සීමාවකටය.

බිනුර හා දිල්ශාන් පිළිබඳව තේරීම් කමිටුව විශාල බලාපොරොත්තු දල්වා බලාසිටින වග නම් නොරහසකි.නමුත් බිනුර ආබාධයන්ට ලක්වීම හේතුවෙන් ඔහුට තීරණාත්මක තරඟාවලි කිහිපයක් අහිමිවීම මත දිල්ශාන්ට ජාත්‍යන්තර දොරටු විවර වීම ඉක්මන් වූවාටද සැකයක් නොමැත.

යොවුන් ක්‍රීඩකයෙකු ලෙසින් ඔහු තීරණාත්මක කඩයිම් කිහිපයක් පසු කර එද්දී අභියෝග රැසකට මුහුණ දෙන්නටද ඔහුට සිදුවිය.ඩිල්ශාන් ජාත්‍යන්තර පිටිය දක්වා පැමිණි මග පිළිබඳව මහරූෆ් සිය මතකය මීට ටික කලකට ඉහතදී සඳහන් කරමින් කියා සිටියේ.

“දිල්ෂාන් මධුශංක ගැන විශේෂයෙන්ම කියන්න ඕන, තාම අවුරුදු 21යි.අපේ හුංගම, හම්බන්තොට ගමකින් ආපු කොල්ලෙක්. හරි අමාරුවෙන් හොයාගෙන ගොඩක් අමාරුවෙන් ක්‍රිකට් ගහන කොල්ලෙක්. දැන් ලංකාවෙ පන්දු යවන්නන්ගෙන් උඩින්ම ඉන්න පන්දු යවන්නෙක්. මම මේක විශේෂයෙන්ම කියන්න ඕන ඔහුව හොයාගත්තෙ චමින්ද වාස් චමින්ද වාස්ට අපි පැසසුම් කළ යුතුයි, මට මතකයි මම U19 කණ්ඩායමේ කළමනාකරු විදිහට ඉන්නකොට දිල්ෂාන් මදුෂංකට අවුරුද්දක් මාත් එක්ක හිටිය. මම දැක්ක ඒ අම්ම තාත්තට කොල්ලව ගමේ ඉඳල කොළඹ එවන්න විදිහක් තිබුනෙ නෑ මුදල් පැත්තෙන්, ඒ අවස්ථාවෙ ක්‍රිකට් පාලක මණ්ඩලය පවා ගොඩක් උදව් කරා. මගේ මාරගයෙන් ඔහුට යම්කිසි මුදලක් ලබා දීල ඔහුව ගෙන්න ගත්ත.මේව ඇවිල්ල හොඳ කතා, කවදාවත් ඔච්චර් ඉක්මනට සෙල්ලම් කරයි කියල ඔහු හිතුවෙ නැහැ. 2018දි වාස් ඔහු හොයාගත්තට පස්සෙ හරි ඉක්මනින් ඔහු ලොකු තැනකට ආව.” යනුවෙනි.

තවමත් වයස අවුරුදු 21 ක් වන ඩිල්ශාන් ඉතා ඉක්මන් වර්ධනයක් තම පන්දුයැවීමට එක් කරගන්නා බවක් පෙනෙන්නට තිබේ.වේගපන්දු යවනන්න්ගේ පාරාදීසයක් වන ඔස්ට්‍රේලියානු උපමහද්වීපයේදී ලෝක කුසලානය වෙනුවෙන් ඔහු චමීර සමඟින් එක්ව ශ්‍රී ලංකා වේගපන්දු බලඇණිය මෙහෙයවනු ඇත.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7