Cricket NewsEXCLUSIVEInternational

චරිත් අසලංක වෙනුවට ධනංජය ද සිල්වා කණ්ඩායමට පැමිණිමට ඉඩ ඇති බව ශ්‍රි ලංකා නායක දසුන් ශානකගෙන් ඉගියක්.

4 November - Abu Dhabi - Sri Lanka Captain Dasun Shanaka post-match press conference

ආසියානු ක්‍රිකට් බලවතුන් මුහුණට මුහුණ තරඟවදින ආසියානු කුසලාන තරගාවලිය මෙවර ශ්‍රී ලාංකේය සත්කාරකත්වය යටතේ එක්සත් අරාබි එමීර් රාජය දී පැවැත්වෙනවා.

මෙවර තරඟාවලියේ Super Four තරඟ වටය මේ වන විට ආරම්භ වී ඇති අතර මේ වනවිට තරගාවලිය දැඩි උණුසුම් මුහුණුවරක් ගෙන තිබෙනවා.

මේ වන විට තරගාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ පළමු ස්ථානයේ ශ්‍රී ලංකා කණ්ඩායම පසුවන අතර දෙවන ස්ථානයේ පකිස්ථාන කණ්ඩායම පසුවනවා. ශ්‍රී ලංකා කණ්ඩායම ඇෆ්ගනිස්ථාන කණ්ඩායම පරාජය කරද්දී පාකිස්තානය විසින් ඉන්දියාව පරාජය කර මෙලෙසින් ප්‍රසාද ලකුණු සටහනේ ඉදිරියට පැමිණීමට සමත් වුණා.

ඒ අනුව අද දිනයේ දී පැවැත්වෙන ශ්‍රී ලංකා ඉන්දියා තරඟය අතිශය තීරණාත්මක තරඟයක් බවට පත් වී තිබෙනවා. එම තරඟයේ තීරණය මත ඉන්දීය කණ්ඩායමේ ආසියානු කුසලාන ඉදිරි ගමන් මග තීරණය වනු ඇත.

Charith Asalanka brings up his maiden ODI hundred - Newscutter.lk - Sri Lanka's Leading News Site | Breaking News Updates | Latest News Headlines

එමෙන්ම ඉන්දියාව සමග හෙට (6) පැවැත්වෙන තරගය සදහා ඇතැම් විට ධනංජය ද සිල්වාට ක්‍රීඩා කිරීමට අවස්ථාවක් හිමි වනු ඇති බව ශ්‍රී ලංකා නායක දසුන් ශානක පවසනවා.

කෙසේ නමුත් තවමත් තේරිම් කමිටුව සහ අදාල නිලධාරීන් මේ පිලිබඳව අවසන් තීරණයකට එළැඹී නැති බවයි ඔහු පවසන්නේ.

Dhananjaya de Silva Full Biography, Records, Height, Weight, Age, Wife, Family, & More

මේ වන විට සුපිරි 4 වටයේ ප්‍රසාද ලකුණු සටහනට අනුව ශ්‍රී ලංකාව පෙරමුණේ පසුවන අතර, හෙට තරගයෙන් ඔවුන් ජය ගතහොත් අවසන් තරගය සදහා සුදුසුකම් ලබා ගැනීමේ වැඩි අවස්ථාවක් ශ්‍රී ලංකා කණ්ඩායමට හිමිවනු ඇති.

 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7