Cricket NewsEXCLUSIVE

කුසල් මෙන්ඩිස්, භානුක, දසුන් ඇතුළු මැද පෙළ පිතිකරුවන්ගෙන් ඇරඹි කඩුලු පෙරහැර හේතුවෙන් ශ්‍රී ලංකාව දැඩි අසීරු අඩියක.!

සංචාරක ලෝකශූර ඔස්ට්‍රේලියානු කණ්ඩායමට එරෙහිව පැවැත්වීමට නියමිත තරග තුනකින් සමන්විත විස්සයි විස්ස තරඟාවලියේ පළමු තරඟය අද කොළඹ ආර්.ප්‍රේමදාස පිටියේදී ආරම්භ වුවා.

අද තරඟයේ වාසිය ජයග්‍රහණය කළ ඕස්ට්‍රේලියානු නායක Aaron Finch ප්‍රථමයෙන් පන්දුවට පහර දීම සඳහා ශ්‍රී ලංකාවට ආරාධනා කර සිටියා.

පන්දුවාර 12ක් අවසානයේ එක් කඩුල්ලක් පමණක් දැවී ලකුණු 100ක් රැස් කරගෙන සාර්ථක ඉනිමක් ගොඩනැගෙමින් සිටි ශ්‍රී ලංකා කණ්ඩායමේ දෙවන කඩුල්ල ලෙස පැතුම් නිස්සංකගේ කඩුල්ල දැවී යාමත් සමග කඩුලු පෙරහැරක් ආරම්භ වූවා.

ලකුණු 36ක් ලබා සිටි පැතුම් නිස්සංක දැවී යාමෙන් අනතුරුව පිටියට පිවිසි කුසල් මෙන්ඩිස්ට රැස්කර ගැනීමට හැකි වූයේ එක් ලකුණක් පමණයි.

කුසල් මෙන්ඩිස් Josh Hazlewood යොමු කළ පන්දුවක් හමුවේ දැවී ගියා.

අනතුරුව අංක 5 පිතිකරු ලෙස පිටියට පිවිසි භානුක රාජපක්ෂටද අද ඔහු මුහුණ දුන් පලමු පන්දුවේ දීම දැවී යාමට සිදුවුණා. ඒ ද Josh Hazlewood යොමු කළ පන්දුවක් හමුවේය.

අනතුරු අංක හය පිතිකරුවා ලෙස පිටියට පිවිසි ශ්‍රී ලංකා නායක දසුන් ශානකකටද ලකුණු රැස් කිරීමට ඔස්ට්‍රේලියානු වේග පන්දු යවන ක්‍රීඩක Josh Hazlewood ඉඩ ලබා දුන්නේ නැහැ.

ශ්‍රී ලංකා මැදපෙළ පිතිකරුවන්ගේ අසාර්ථකත්වය හේතුවෙන් මුල් පෙළ පිතිකරුවන් ගොඩනැඟූ ශ්‍රී ලංකා ඉණිම කඩා වැටීම ඇරඹුණු අතර ඒ අනුව 100-1ක් ලෙස පන්දුවාර 12ක් අවසානයේ තිබු ශ්‍රී ලංකා ඉණිම, පන්දු වාර 19.3ක් අවසානයේ සියාලු දෙනා දැවී ලකුණු 128කට සීමා කිරීමට ප්‍රභල ඕස්ට්‍රේලියානු පන්දු බලඇණිය සමත් වුනා.

ශ්‍රී ලංකා ඉණිමේ වැඩිම ලකුණු ලාභියා වූ චරිත් අසලංක ලකුණු 38ක්, පැතුම් නිස්සංක ලකුණු 36ක්, ධනුෂ්ක ගුණතිලක ලකුණු 26ක් සහ වනිඳු හසරංග ලකුණු 17ක් රැස් කිරීමට සමත් වුණා.

පන්දු යැවීමේදී විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ Josh Hazlewood කඩුලු 4ක් බිඳ හෙලු අතර Mitchell Stark කඩුලු 3ක් බිද හෙලුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7