Cricket NewsEXCLUSIVEInternationalMatch Review

තීරණාත්මක තෙවන තරඟයෙන් තියුණු ජයක් වාර්තා කල සිම්බාබ්වේ කණ්ඩායම බංගලාදේශයට එරෙහිව 2-1ක් ලෙස තරඟාවලිය ජය ගනී.!

බංගලාදේශය සහ සිම්බාබ්වේ ක්‍රිකට් කණ්ඩායම් අතර පැවැත්වුණු තරඟ 3කින් සමන්විත විස්සයි-20 තරඟාවලියේ අද පැවති තෙවන සහ අවසන් තරඟයෙන් ලකුණු 11ක තියුණු ජයග්‍රහණයක් වාර්තා කරමින් 2-1ක් ලෙස තරඟාවලිය ජයග්‍රහණය කිරීමට සිම්බාබ්වේ කණ්ඩායම මිට සුළු මොහොතකට පෙර සමත් වුනා.

තරඟාවලියේ පළමු තරඟය සිම්බාබ්වේ ජයග්‍රහණය කල අතර දෙවන තරඟය බංගලාදේශය ජයග්‍රහණය කිරීම හේතුවෙන් තරඟාවලියේ ජයග්‍රහයකයා තොරණ තීරණාත්මක තරඟය බවට අද තරඟය පත් වුවා. තීරණාත්මකතරඟයේ කාසියේ වාසිය දිනාගත් සිම්බාබ්වේ නායකයා ප්‍රථමයෙන් පන්දුවට පහර දීමට තීරණය කළා.

එ අනුව පන්දුවට පහර දුන් සිම්බාබ්වේ කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 8ක් දැවී ලකුණු 156ක් රැස් කිරීමට සමත් වුණා.

සිම්බාබ්වේ වෙනුවෙන් විශිෂ්ට ඉනිමක් දියත් කළ Ryan Burl පන්දු 28කදී වේගවත් ලකුණු 54ක් වාර්තා කිරීමට සමත් වු අතර ඔහුගේ ඉනිමට දැවැන්ත හයේ පහර 6ක් සහ හතරේ පහර 2ක් ඇතුලත් වුනා.

ඊට අනගි සහයක් දුන් Luke Jongwe ලකුණු 35ක් රැස් කළ අතර Craig Ervine ලකුණු 24ක් රැස්කිරීමට සමත්වුණා.

පන්දු යැවීමේදී Hasan Mahmud සහ Mahedi Hasan කඩුලු දෙක බැගින් බිඳ හෙලීමට සමත් වූනා.

ඒ අනුව ලකුණු 157ක ජයග්‍රාහි ඉලක්කයක් හඹා යාම සඳහා පිටියට පිවිසි බංගලාදේශ පිතිකරුවන්ට නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 8ක් දැවී රස කර ගැනීමට හැකි වුයේ ලකුණු 146ක් පමණයි

බංගලාදේශය ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ Afif Hossain ලකුණු 39ක් රැස් කල අතර Mahmudullah ලකුණු 27ක් රැස් කළා.

පන්දු යැවීමේදී Victor Nyauchi කඩුලු 3ක් සහ Brad Evans කඩුලු 2ක් බැගින් දවා ගැනීමට සමත් වුනා.

ඒ අනුව මෙම තීරණාත්මක තරඟය ලකුණු 11කින් ජයග්‍රහණය කළ සිම්බාබ්වේ කණ්ඩායම තරඟාවලි ජයග්‍රහයකයන් බවට පත් වුයේ තවත් පරාජිත තරඟාවලි අත්දැකීමක් බංගලාදේශයට හිමි කරමිනි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7