Cricket NewsEXCLUSIVEUnder-19

සිය ජාතික කණ්ඩායමේ Baz-ball උපක්‍රමය අනුගමනය කළ එංගලන්ත යොවුන් කණ්ඩායම ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායමට එරෙහිව පිත්තෙන් සුපිරි දස්කම් දක්වයි.!

එංගලන්ත ටෙස්ට් කණ්ඩායමේ අධිවේගී ලකුණු රැස්කිරීමේ රටාව අනුගමනය කළ එංගලන්ත යොවුන් ක්‍රීඩකයෝ, චෙම්ස්ෆර්ඩ්හිදී ඊයේ (21) ආරම්භ වූ පළමු වැනි යොවුන් ටෙස්ට් තරගයේදී පන්දුවාර 78 කින් ලකුණු 387 ක් ලබා ගැනීමට සමත් වුනා.

ඒ පන්දු වාරයකදී ලකුණු 5 කට ආසන්න වේගයක් රඳවාගත් එංගලන්ත යොවුන් කණ්ඩායම දිනය නිමාවීමට පෙරම ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායමේ ආරම්භක පිතිකරුවාත් ආපසු ක්‍රීඩාගාරයට යැවීමට සමත් වුනා.

ඒ අනුව තරගයේ පළමු වැනි දිනය නිමාවූයේ ලකුණු 25 ක් ඇතුළත ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායමට ආරම්භක කඩුල්ලක් අහිමි කරගනිමිනි.

ආරම්භක පිතිකරුවන් දෙදෙනා වූ හැරී සිං (27) සහ බෙන් මැකිනී (33) පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 55 ක සම්බන්ධතාවක් ගොඩනැංවූ නමුත් දෙදෙනාම ලකුණු 9 ක් ඇතුළතදී දැවී ගියහ.

ලකුණු 64 දී දෙවැනි කඩුල්ල බිඳ වැටුණ නමුත්, තුන්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 185 ක සම්බන්ධතාවක් ගොඩනැංවූ රොස් විට්ෆීල්ඩ් (86) සහ ජෝර්ජ් බෙල් (107) තරගය සම්පූර්ණයෙන්ම වෙනස් දිශාවකට තරඟය රැගෙන ගියා.

තරඟයේ රිද්මය වෙනස් කළ මෙම පිතිකරුවෝ දෙදෙනා, ලකුණු 185 ක් එක්කළේ පන්දුවාර 30.2 ක් පමණක් වය කරමිනි.

සීමිත ඕවර නොවන තරගයකදී මෙය අතිශය ප්‍රහාරාත්මක පිතිහරඹයක් වන අතර ප්‍රතිවාදී පන්දු යවන්නන් අන්ද මන්ද කිරීමකි. ජොර්ජ් බෙල්ගේ ඉනිමට හතරේ පහර 16 ක් ඇතුළත් වූයේය. රොස් විට්ෆීල්ගේ ඉනිම හතරේ පහර 8 කින් සහ හයේ පහරකින් සමන්විත විය.

ශ්‍රී ලංකා යොවුන් පන්දු යවන්නන් අතර යම් තරමකට හෝ සාර්ථක වූයේ වේග පන්දු යවන දුවිඳු රණතුංග පමණි. ඔහු පන්දුවාර 17 කදී ලකුණු 100 ක් තිළිණ කළ නමුත්, කඩුලු 4 ක් දවාගැනීමට රණතුංග සමත් වුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7