Cricket NewsEXCLUSIVEMatch Review

නායක දසුන් ශානකගේ සුපිරි පිතිකරණය හේතුවෙන් ලෝක ශුර ඕස්ට්‍රේලියාවට එරෙහිව තෙවන විස්සයි-20 තරඟයෙන් ශ්‍රී ලංකාවට විශිෂ්ට ජයග්‍රහණයක්.!

ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය ආරම්භ කරමින් පැවති විස්සයි-20 තරඟාවලියේ අද පැවති අවසන් විස්සයි-20 තරඟයෙන් කඩුලු 4ක විශිෂ්ට ජයග්‍රහණයක් වාර්තා කරමින් 2-1ක් ලෙස තරඟාවලිය ගවුරවන්විතව අවසන් කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුනා.

අද තරඟයේත් කාසියේ වාසිය ජයග්‍රහණය කළ ඕස්ට්‍රේලියානු නායක Aaron Finch ප්‍රථමයෙන් පන්දුවට පහර දීමට තීරණය කළා.

ඒ අනුව පිටියට පිවිසි ඕස්ට්‍රේලියානු පිතිකරුවන් නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 5ක් දැවී ලකුණු 176ක් රැස් කිරීමට සමත් වුනා. ඕස්ට්‍රේලියාව වෙනුවෙන් David Warner ලකුණු 39ක්, Marcus Stoinis ලකුණු 38ක් රැස් කළ අතර Steve Smith ලකුණු 37ක් රැස්කිරීමට සමත්වුණා.

පන්දු යැවීමේදී මහිෂ් තීක්ෂණ කඩුලු දෙකක් බිඳ හෙලීමට සමත් වූනා.

ඒ අනුව ලකුණු 177ක දැවැන්ත ජයග්‍රාහි ඉලක්කයක් හඹා යාම සඳහා පිටියට පිවිසි ශ්‍රී ලංකා පිතිකරුවන් පන්දුවාර 19.5ක් අවසානයේ කඩුලු 7ක් පමණක් දැවී ලකුණු 177ක් වාර්තා කර තරඟය ජයග්‍රහණය කළා.

ශ්‍රී ලංකාව ජයග්‍රහණය කරා සුරැකිව රැගෙන ගිය නායක දසුන් ශානක ශ්‍රී ලංකා ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත් වෙමින් පන්දු 25ක් තුල වෙගවත් ලකුණු 54ක් රැස් කල අතර එම අවස්ථාවේ දසුන්ට කදිම සවියක් වූ චාමික කරුණාරත්න නොදැවී ලකුණු 14 සහ පැතුම් නිස්සංක ලකුණු 27ක් රැස් කළා.

පන්දු යැවීමේදී Marcus Stoinis සහ Josh Hazlewood කඩුලු දෙක බැගින් දවා ගැනීමට සමත් වුනා. තරඟයේ වීරයා සම්මානය හිමි වුයේ ශ්‍රී ලංකාව ජයග්‍රහනය් වෙත සුරැකිව රැගෙන ගිය නායක දසුන් ශානකටයි.

මෙම තරඟය ශ්‍රී ලංකාව ජයග්‍රහණය කලත් පෙර තරඟ ද්විත්වයම ජයග්‍රහණය කල ඕස්ට්‍රේලියානු කණ්ඩායම 2-1ක් ලෙස ශුරත්වය ජයග්‍රහනය කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7