මේජර් ක්ලබ් T20 තරඟාවලිය හොල්ලන අශාන් රන්දික විශිෂ්ට ශතකයක් රැස් කරමින් යුධහමුදා ක්රීඩා සමාජය ජයග්රහණය කරා රැගෙන යයි.!

2022 මේජර් ක්ලබ් විස්සයි-20තරගාවලිය මේ වන විට පැවැත්වෙන අතර ඊයේ(12) යුධහමුදා ක්රීඩා සමාජය සහ කලුතර ක්රීඩා සමාජය අතර පැවති තරඟයේදී විශිෂ්ට ශතකයක් වාර්තා කරමින් අශාන් රන්දික යුධහමුදා ක්රීඩා සමාජය සාර්ථක ජයග්රහණයක් කරා මෙහෙය වීමට සමත් වුනා.
මේ වන විට තරඟාවලියේ වැඩිම ලකුණු ලාභියා වන්නේද අශාන් රන්දිකයි.
මග්ගෝන සරේ ක්රීඩාංගණයේදී පැවති මෙම තරගයේ කාසිය වාසිය දිනා ප්රථමයෙන් පන්දුවට පහරදීමට යුධහමුදා ක්රීඩකයින් සමත්විය.
අශාන් රන්දික ගේ විශිෂ්ට ශතකයෙන් සවිමත් වූ ඔවුන් පන්දුවාර 20 අවසානයේ කඩුලු 3ක් පමණක් දැවී අනර්ඝ ලකුණු 215ක් රැස්කරගැනීමට සමත්විය.
එම ඉලක්කය හඹායාමට පිටියට පිවිසි කලුතර ක්රීඩා සමාජය හටපන්දුවාර විස්ස අවසානයේ ලබාගැනීමට හැකිවූයේ කඩුලු 9ක් දැවී ලකුණු 89ක් පමණි.ඒ සමගින් ලකුණු 126ක ජයක් යුධහමුදා ක්රීඩකයින් හට හිමිවිය.
තරඟයේ කෙටි ලකුණු පුවරුව
යුධහමුදා ක්රීඩා සමාජයේ ඉනිම – 215/3 (20)
අශාන් රන්දික 104,
අසේල ගුණරත්න 59*,
සීක්කුගේ ප්රසන්න 37
ජනිවු ඉදුවර 2/49
කලුතර ක්රීඩා සමාජයේ ඉනිම – 89/9 (20)
ටි වීරසිංහ 29
සීක්කුගේ ප්රසන්න 3/16,
තුලින දිල්ශාන් 2/15,
යශෝද මෙන්ඩිස් 2/17