Cricket NewsEXCLUSIVE

ඔස්ට්‍රේලියානුවන් අලු බඳුන තරඟාවලි ඉතිහාසය අලුතින් ලියයි ! සත්කාරක එංගලන්තය පරදා ඔස්ට්‍රේලියානුවන්‍ට තියුණු ජයක් !

සාම්ප්‍රදායික තරඟ රටාවේ පැරණිතම එදිරිවාදීන්ගේ අලු බඳුන තරඟාවලිය මෙවර එංගලන්තයේදී බර්මිංහැම් හි එජ්බැස්ටන් ක්‍රීඩාංගණයේදී ආරම්භ විය.පළමු තරඟය ඊයේ නිමාව දුටුවේ තියුණු තරඟයකින් පසුව වත්මන් ලෝක ශූර ඔස්ට්‍රේලියානුවන්ට කඩුලු දෙකක ජයක් උරුම කර දෙමින්.

රූට්ගේ ශතකයත් සමඟින් එංගලන්ත ක්‍රීඩකයින් කඩුලු 8 ක් දැවී ලකුණු 393 ක් රැස් කරගෙන සිටියදී සිය පළමු ඉනිම අත්හිටුවීම කාගෙත් කතා බහට ලක්වූ කරුණක් විය.කෙසේ නමුත් ඊට පිළිතුරු ලෙසින් ඔස්ට්‍රේලියානු කණ්ඩායමට සියලු දෙනා දැවී රැස් කිරීමට හැකිවූයේ ලකුණු 386 ක් පමණයි.ඉනිමේ ඉහළතම ලකුණු ලාභියා වූ උස්මාන් කවාජා ගේ දායකත්වය කියැවුණේ ලකුණු 141 ක් ලෙසටයි.

ඔස්ට්‍රේලියානු පන්දු යවන්නන් හමුවේ කිසිදු එංගලන්ත පිතිකරුවකුට ලකුණු 50 සීමාව ස්පර්ශ කිරීමට හෝ නොහැකි වෙද්දී එංගලන්තයට සියළු දෙනා දැවී සිය දෙවැනි ඉනිමේදී රැස් කිරීමට හැකිවූයේ ලකුණු 273 ක් පමණයි.

ජයග්‍රහණය සඳහා සිව්වැනි ඉනිමේදී ලකුණු 281 ක ඉලක්කයක් හඹා ගිය ඔස්ට්‍රේලියානු කණ්ඩායම තියුණු තරඟයකින් අනතුරුව එංගලන්තය පරදා කඩුලු දෙකක ජයක් හිමිකරගන්නට වත්මන් ලෝක ශූර ඔස්ට්‍රේලියානු කණ්ඩායම සමත් විය.යලිත් ඔස්ට්‍රේලියානු ඉනිමට නැංගුරමක් වූ උස්මාන් කවාජා ලකුණු 65 ක් රැස් කරද්දී නායක පැට් කමින්ස් නොදැවී ලකුණු 44 ක් රැස් කරමින් ඔස්ට්‍රේලියානු කණ්ඩායම ජයග්‍රාහී සීමාවෙන් එපිටට ගෙනියන්නට සමත් විය.

ඒ අනුව මෙවර අලු බඳුනේ පළමු ජයග්‍රහණය ඔස්ට්‍රේලියානු කණ්ඩායම සතු කරගනිද්දී තරඟයේ වීරයා ලෙසින් විශිෂ්ඨ ඉනිම් ද්විත්වයකට හිමිකම් කියූ උස්මාන් කවාජා සම්මාන දිනාගත්තේය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
3
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7