Cricket NewsEXCLUSIVEPremier League

ශ්‍රී ලංකා නායක දසුන් ශානකව ඇමරිකානු MLC ලීගයේ ‘Seattle Orcas’ කණ්ඩායම විසින් ඉහළ මිලකට මිලදී ගනී.!

ශ්‍රී ලංකා ක්‍රිකට් නායක “දසුන් ශානක” ඇමෙරිකානු “Major League Cricket” (MLC) T20 ක්‍රිකට් ප්‍රීමියර් ලීගයේ “Seattle Orcas” කණ්ඩායම විසින් මිලදී ගෙන තිබෙන අතර මෙම ‘Seattle Orcas’ කණ්ඩායමේ හිමිකාරිත්වය Delhi Capitals (IPL), Dubai Capitals (ILT20), Pretoria Capitals (SA20) යන කණ්ඩායම් හිමි ඉන්දීය GMR Group විසින් දරනු ලැබේ.

ඒ අනුව ලොව සුපිරි ක්‍රිකට් තරු පිරිවරා එළැඹෙන 2023 ජූලි 13 වැනිදා සිට ජූලි 30 වැනිදා තෙක් පළමුවරට පැවැත්වීමට නියමිත මෙම ඇමෙරිකානු “Major League Cricket” (MLC) T20 ක්‍රිකට් ප්‍රීමියර් ලීගයට ක්‍රීඩා කරන ශ්‍රී ලාංකික ක්‍රිකට් ක්‍රීඩකයින් ගණන පහත පරිදි 5 ක් දක්වා ඉහළ යෑම සිදු වේ.

Washington_Freedom – වනිඳු හසරංග
Seattle_Orcas – දසුන් ශානක, ශෙහාන් ජයසූරිය, ඇන්ජෙලෝ පෙරේරා
Team_Texas – ලහිරු මිලන්ත

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
24
+1
7
+1
9
+1
2
+1
3
+1
1

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7